මහජනතාවට පාන් කියා ගන්නවත් බැරි වෙයිද?

පසුගිය 12 වෙනිදා ප්‍රීමා සමාගම විසින් තිරිඟු පිටි රු. 7.20 කින් ඉහල නැංවීම හේතුවෙන් පාන් ඇතුළු බේකරි නිෂ්පාදනයන්හි මිල ඉහල නැංවීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

පසුගිය 14 වෙනිදා සිට 20 දක්වා වූ සතිය පාරිභෝගික සතිය ලෙස නම් කිරීම හේතුවෙන් කල් දමා තිබු මෙම තීරණය අද රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

ඒ අනුව පාන් රාත්තලක මිල රු. 4කින් ඉහල යනු ඇත.

යහපාලනය බලයට පත්වීමේදී ලබා දුන් සහන මල්ල අතර තිබු තිරිඟු පිටි සහනය ද මෙලෙස ජනතා අපේක්ෂාවන් බොඳ කරමින්  ඉවත්ව යනු ඇත.මේ අනුව ඉදිරියේ දී වෙනසක් බලාපොරොත්තු වූ ජනතාවට පාන් කියා ගැනීමටවත් නොහැකි තත්වයක් උදාවේදැයි සැකසහිතය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.