මහනුවර දැරියන්ට ඇත්තටම සිදුවුණේ කුමක් ද?

Dipressed1මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක් වූ මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ  නේවාසික පාඨමාලාවකට සම්බනධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික අපයෝජනයකට ලක් වූ බව මහනුවර අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සහතික කළේය. ධනාත්මක චින්තනය හා පෞරුෂ සංවර්ධන විශේෂඥයෙක් සේ පෙනී සිටි මේ පුද්ගලයා දැනුවත්ව මේ දැරියන් අපයෝජනයට ලක් වූ බවට දැනට ඇති සාක්ෂි විසින් පැහැදිලි කරයි.

මේ සිද්ධියේදී දෙමව්පියන් විසින් මතුකළ බරපතල ප්‍රශ්නයක් විය. එය නම් මෙපමණ ව්‍යසනයක් වී තිබියදී තම දරුවන් ඒ පිළිබදම ඔවුන්ව දැනුවත් නොකර සිටි බවය. එහෙත් දෙමව්පියන්ගෙන් වෙන් කර හුදකලා කරන ලද යොවුන් වියේ දැරියන් පිරිසක් වෙත, මානසික නතුකරගැනීම් පිලිබඳ පරිචයක් ඇති වංචනිකයෙකුට කළ හැකි බලපෑමේ තරම කිසිවෙක් පැහැදිලි කරගෙන නැත. අප මේ සම්බන්ධව හලාවත රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය ප්‍රභාත් වික්‍රමගෙන් විමසා සිටියේ ඒ නිසාය. කරුණාකර මේ සරල කතාව කියවා තේරුම් ගැනීමට උත්සාහ කරන්න.

 

යොදාගත් කණ්ඩායමක් දෙමව්පියන්ගෙන් වෙන්කර නේවාසික පුහුණුවකට ගොනුකිරීමෙන් පසු ඔවුන්ගේ කාංසාව අහිතකර දේ සඳහා යොමු කළ හැකිද?

පුළුවන්. මෙහිදී වදගත්වන මනෝවිද්‍යාත්මක මූලදත්ත මෙසේයි.

1) යෞවනය-  නව යෞවනයා යනු ළමයකු ළමා වියෙන් සමුගෙන වැඩිහිටියකු බවට පරිවර්තනය වීම සඳහාළමා සහ වැඩිහිටි යන කාල දෙක අතර වූ අනතර් කාල පරිච්ඡේදයයි. මෙය වයස අවුරුදු 12-21 පමණ දක්වා කාලයයි. මෙහිදී ඔහු තම අනන්‍යතාවය සොයා යයි. අනන්‍යතාව අතර ලිංගික හා වෘත්තීය අනන්‍යතාව වැදගත් වේ.   මෙතෙක් දෙමව්පියන් මත යැපුනු ඔහු තම මිතුරන්ගේ සහ ගුරුවරුන්ගේ චර්යාවන් අනුකරණය කිරීමට පටන් ගනී.

 

2) දෙමවිපියන් ඈත්වීම – යෞවනය ජයගැනීම සඳහා ප්‍රධාන මගපෙන්වීම දෙමව්පියන්ගෙන් ලැබේ. දෙමව්පියන් ඈත්වූ විට තමා මෙතෙක් ලද ගුරුහරුකම්, ආරක්ෂාව නැතිවෙයි. තමා මෙතෙක් කල් ගරුකළ විශ්වාස සිරිත්විරිත් සහ ආකල්පද බිඳ වැටීමට ලක්විය හැකිය.

3) නායකත්වය – නායකත්ව පුහුණු කඳවුරකදී යෞවනයන්ට ආකර්ශනීය නායකයකු ලැබීම, ඔහු සතු කඩවසම් බව, වාග් චාතුර්යය, හැසිරීම් මගින් ඔහු තමා යටතේ පුහුණු වන යෞවනයා ග්‍රහනය කරගැනීමට සමත් වෙයි. මෙහිදී අනුගාමී ආකර්ශනයක් මෙන්ම ලිංගික ආකර්ශනයක්ද ඇතිවේ. ක්‍රමයෙන් නායකයාට ගරුකිරීම අවනතවීම සහ ඔහුගේ ඉල්ලීම් ඉටුකිරීමට යොමු වේ.

අ) Complane  to the Leader – නායකයාගේ ඉල්ලීමට කීකරුවීම

ආ) Identification to the Leader –  නායකයා සතුටු කිරීමට හා අනුකරනය කිරීමට පෙළෙඹේ.

ඇ) Internalization – නායකයාගේ ආකල්ප හා චර්යාව තමා තුළට කාවද්දා ගැනීම සිදුවීම

ක්‍රමයෙන් තම ස්වාධීනත්වය සහ තාර්කිකව සිතීමේ හැකියාව අඩුවෙයි.

4) කණ්ඩායමක් ලෙස හැසිරීම – ක්‍රමයෙන් තම ස්වාධිනත්ය වෙනුවට කණ්ඩායමක් ලෙස ඉස්මතුවෙයි. මෙහිදී කණ්ඩායමට ගරු කිරීමට හා ආකල්ප අනුකරණය කිරීමට හුරුවේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.