මහනුවර දැරියන් අපයෝජන සිද්ධියේ ආයතන පාලිකාව හා අයකැමිත් රිමාන්ඩ්

Arrested33මහනුවර හන්තාන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුද්ගලික ආයතනයක් වූ මානව නායකත්ව පුහුණු විද්‍යාපීඨය නැමැති ආයතනයේ  නේවාසික පාඨමාලාවකට සම්බන්ධවී සිටි අවුරුදු 16 හා 17 යන වයසේ පසුවන දැරියන් 8 දෙනෙක් බරපතල ලිංගික  අපයෝජනයට ලක් කිරීම හා දැරියන් දෙදෙනෙක්  දූෂණය කිරීම පිළිබඳවන  නඩුව අද විභාගයට ගැණුනු අවස්ථාවේ දී එම ආයතනයේ පාලිකාව වූ තලාතුඔය පදිංචි 24 හැවිරිදි ඉමේෂා කුමාරි වික්‍රමසිංහ සහ මුදල් අයකැමි ලෙස කටයුතු කළ කෑගල්ලේ 26 හැවිරිදි  නුවන්දි වීරසිංහ නැමැති කාන්තාවන් ලබන 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල අද (08) නියම කළේය.

මෙම ආයතනයේ භාරකරුවා ලෙස කටයුතු කළ  චන්දිමාල් ගමගේ නැමැත්තාත් 11 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගතව සිටින්නේය. මේ නඩුවට සම්බන්ධ නිමල් පීරිස් නැමැත්තා මේ වනවිට පසුවන්නේ අපේක්ෂිත ඇප මතය. ඔහු හෙට (9) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට  නියමිතය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.