මහබැංකු අධිපතිවරයා සම්බන්ධ විගණකාධිපති වාර්තාව කෝප් කමිටුව පිළිගනී

මහ බැංකු බැඳුම්කර සිද්ධිය හා මහ බැංකු අධිපතිවරයා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව වෙත ඉදිරිපත් කළ වාර්තා පිළිගැනිමට එම කමිටු සාමාජිකයන් තිරණය කර ඇත.Oditer Gen
පොදු ව්‍යාපාර කාරක සභාව එහි සභාපති සුනිල් හඳුන්නෙත්ති ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකිර්ණයේදි අද (29) රැස්වු අවස්ථාවේ මෙම තිරණය ගෙන තිබේ. කෝප් කමිටුවේ හදිසි රැස්විමක් ඊයේ කැඳවා තිබු අතර ඊට විගණකාධිපති ගාමිණි විජේසිංහ ද කැඳවා තිබුණි.
එහිදි විගණකාධිපතිවරයා 2015 – 2016 වර්ෂයන් හි බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් ඔහු විසින් සිදු කළ පරික්ෂණයන් හි සංක්ෂිප්ත වාර්තාවක් හා පිටු 1252 කින් යුතු පූර්ණ වාර්තාවක්ද බාරදී ඇත. එම වාර්තා දෙකම අධ්‍යයනය කොට වාර්තාවක් සකස් කිරිමට කෝප් කමිටුව තිරණය කර තිබේ.
එම වාර්තාව සකස් කිරිමට විගණකාධිපතිවරයාගේ පූර්ණ වාර්තාව හා සංක්ෂිප්ත වාර්තාව අධ්‍යයනය කිරිම සඳහා සතියක කාලයක් සාමාජිකයන්ට ලබාදිමටද කමිටුවේදී තීරණය වි ඇත. ඒ අනුව බැඳුම්කර සිද්ධිය හා මහ බැංකු අධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් තිරණයකට එළැඹීමට නියමිතය.
කෝප් කමිටුව ලබන 05 දා පාර්ලිමේන්තුවේදි යළි රැස්වී මේ පිළිබඳ සාකච්ඡා කොට ලබන 07 දා මහ බැංකු අධිපතිවරයා ඇතුළු පාර්ශව කෝප් කමිටුවට කැඳවිමටද  තිරණය කර ඇත.
මීට අමතරව රජයේ ණය ගණනය කිරිම සම්බන්ධයෙන් වූ නව ක්‍රමවේදය සම්බන්ධයෙන්ද විගණකාධිපතිවරයාගෙන් මෙහිදි කෝප් කමිටුව කරුණු විමසා තිබේ.
කෝප් කමිටුව සාමාජිකයන් 26 දෙනෙකුගෙන් සමන්විත වේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.