මහින්දගේ හීනය දැන් දකින්නේ ගයන්තද ?

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාද්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඊයේ (24) පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක වෙමින් ප්‍රකාශ කලේ මේ ආණ්ඩුව අවුරුදු 10 ක් යන තුරු පෙරලීම මිත්‍යාවක් බවයි.

ගයන්ත මන්ත්‍රීවරයාට මතක් කර දිය යුත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාද එසේ හීන දකිමින් සිටි බවයි. සංවර්ධන ව්‍යාපෘති කරමින් හා යුද්ධයේ සියලු ගෞව්රවයන් ඔහු ඉදිරියේ ලියවී තිබියදී ජනතාව ඔහු ගෙදර යැවූ බව වසරක් ගතවත්ම ගයන්ත කරුනාතිලකට අමතක වීමනම් විහිළුවක් බව බොහෝ දෙනාට වැටහෙන කාරණයකි.

ගයන්ත ඊයේ පාර්ලිමේන්තුවේදී කතා කලෙත් මහවැලිය ගැනම පමණකි.

යුද්ධය දිනු බව මන්තරයක් සේ ජප කරමින් සිටි මහින්දව ගෙදර යැවූ ජනතාවට මහවැලිය කජ්ජක් නොවන බව ගයන්ත තේරුම් ගත යුතුය.

දැන් පුරසාරම් දෙඩුවා හොදටෝම ඇතිය. අවුරුද්දකටත් අධික කාලයක් බලය ගෙන සිටි ජානපතිට හා ආණ්ඩුවට ඉතුරු වී ඇත්තේ තව වසර 4 ක් පමණක් බව මතක් කරගත යුතුය.

10ක් බලයේ සිටිනවා තබා පළාත් පාලන මැතිවරණයට මුහුණ දීමට කොන්දක් නොමැති ආණ්ඩුව මාධ්‍ය සංදර්ශන තබමින්   කා දමන්නේ රටේ අනාගතය සඳහා යෙදවිය යුතු කාලය බව පාලකයන් තේරුම් ගන්නේ කවදද?

ගයන්ත මන්ත්‍රීතුමනි මේ අවදි වන්නට කාලයයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.