මහින්දට පාර්ලිමේන්තුවේ පසු පෙළ

mahinda-sad-350-news[1]මහ මැතිවරණයේ පරාජය බාර ගන්නා බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීයැයි ප්‍රංශ පුවත් සේවය කියයි.

පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ සාමාජිකයෙකු ලෙස වැඩ කරන බව ද ඔහු පවසයි.

‘අගමැති වීමේ මගේ සිහිනය බොඳ වී ගියා. අපි පරාජය පිළිගන්නවා. අපි හොඳ සටනක් දුන්නා.‘

‘අපි දිස්ත්‍රික්ක අටක් දිනුවා. පාලක යූඇන්පිට දිස්ත්‍රික් 11ක් දිනලා.‘ යැයි රාජපක්ෂ කීවේය.

‘මෙයින් කියන්නේ අපි පරාජය වූ බවයි. ඒක අමාරු සටනක්. ‘

අද මධ්‍යහ්නට වන විට අවසන් ප්‍රතිඵලය නිකුත් කිරීමට හැකි වෙතියි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා කියයි.

මනාප ප්‍රතිඵල ඉන් පසු නිකුත් කැරෙයි.

ඡන්දය දීමෙන් පසුව මහින්ද රාජපක්ෂ මැදමුලනේ දී පැවසුවේ තමා ජයග්‍රහණය කර ශ්‍රී ලංකාවේ මීළඟ අගමැති වන බවයි.

නියමිත කාලයට වඩා වසරකට කළින් මේ මැතිවරණය පැවැත්විණි.

මැතිවරණ කොමසාරිස් පැවසුවේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉතාම සාමකාමීම මෙම මැතිවරණය බවයි.

කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කිරීමට තමන් සූදානම් බව ඔහු පවසා තිබේ.

‘මගේ අගමැති සිහිනය බොඳ වුනා,’ යනුවෙන් හිටපු ජනපතිවරයා ප්‍රංශ පුවත් සේවයට පවසා තිබේ.

මේ අතර උදය ගම්මන්පිල පළාත් සභා මන්ත්‍රීවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කොට ඇත්තේ තම කණ්ඩායම මහ මැතිවරණය පරාජය වූ බවයි.

පාර්ලිමේන්තුව තුල බහුතරයක් ලබා ගැනීමට එකම පක්ෂයක්වත් සමත් වී නැති බවත් එක්සත් ජාතික පක්ෂය සුළුතර ආණ්ඩුවක් පිහිටුවනු ඇති බවත් එම පණිවිඩයේ වැඩිදුරටත් සඳහන්.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.