මහින්දානන්දගේ පුතත් බීමතින් රිය පදවා මාට්ටු…

drink-driving-808790_960_720බීමතින් රිය පැදවීමේ චෝදනාව යටතේ මහින්දානන් අලුත්ගමගේ මන්ත‍්‍රීවරයාගේ පුත් කණිෂ්ක බණ්ඩාර අලුත්ගමගේත් ඊයේ  (24) රාත‍්‍රියේ පොලිස් අත්අඩංගුවට පත්විය. ඒ  කිරුළපන ප‍්‍රදේශයේදීය.

පසුව ඔහු පොලිස් ඇප මත මුදාහැරිනි. එම අවස්ථාවේ දී අමාත්‍ය දයා ගමගේ ද කිරුළපන පොලිස් ස්ථානයට පැමිණ සිටියේය.

මීට දෙදිනකට පෙර හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෙකුද වූ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත රඹුක්වැල්ල බීමතින් රිය පදවාගෙන ගොස් වාහනය තාප්පයක ඇණගත්තේය. කොල්ලුපිටියේදී කණ පැලෙන්නට බී අධික වේගයෙන් රිය ධාවනය කළ රමිත රඹුක්වැල්ලගේ වාහනය නැවතී තිබුනේ ශාන්ත බ්‍රිජට් විද්‍යාලයේ තාප්පය කඩාගෙනන ගොස්ය.  අනතුරෙන් රමිතට කරදරයක් වුනේ නැත. වාසනාවට  ඒ වෙලාවේ මහ පාරේ ගිය කෙනෙකුට අනතුරක් සිදුවූයේත් නැත. එහෙත් ඔහුගේ අංක තහඩු රහිත සුඛෝපභෝගී වාහනය පොලිස් අත්අඩංගුවට පත් විය. වෛද්‍ය පරීක්ෂණයකින් පසු බීමත්ව සිටි බව හෙළි විය. කෙහෙළිය කීවේ පාටි වලට ගිය පසු බීමත්වත් නොබීත් පැමිණිය හැකි බවත්, පාඩුව වුනේ තමන්ට බැවින් ඉන් කිසිකෙනෙකු කලබලයට පත්වීමට අවශ්‍ය නැති බවත්ය.

මීට කලින් ගුවනේදී බීමත්ව ගුවන් යානයේ දොර හැර එළියට යන්නට හැදූ රමිත ලබන 27 දා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වන්නේ බීමත්ව රිය පදවා අනතුරක් කරගත් වරදටය.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.