මෛත්‍රි ඇත්ත කියන්න සුදානම්ද?

 

 

siri

 

2014 වසරට වඩා මෙම වසරේදී ජනපතිගේ වියදම රුපියල් මිලියන 1476කින් අඩුකිරීමට වත්මන් පාලනය යටතේ හැකිවී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසූ අතර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේය.

අගමැතිවරයා එහිදී පසුගිය රජයේ හා වත්මන් රජයේ  අවමගුල් වෙනුවෙන් ශෝකය පළ කිරීමසඳහා කෙරන වියදම මිලයන දොළහකින් පමණ අඩුවී ඇති බව කියා සිටියේය.

 

අවමඟුල අවස්ථාවන්ට ශෝකය පළ කිරීමට වියදම්
2014 – මිලියන – 15යි
2015 – රුපියල් – 363,000යි

 

පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද අදහස් පළ කළ අතර එහිදී ඔහු කියා සිටියේ පසුගිය රජය මල්වඩමෙනුත් ගසා කා ඇති බවයි.

එයට හිටපු ජනපතිට දොස් නොකියන බවත්, එම කටයුතු කළමනාකිරීමේදී නිලධාරීන් අතින් සිදුවූ වැරදි ඊට හේතුව බවත්, හෙතෙම පැවසීය.

ජනතාව  මහින්ද රාජපක්ෂ බලයෙන් පහ කිරීමට බලපා එක හේතුවක් වන්නේ මේ නාස්තිකාර වියදම්ය.

mm

මේ වියදම් ගැන කතා කිරීම අර්ථවත් වන්නේ යළිත් වතාවක් එවැනි දේ සිදු නොවීමට කටයුතු  කරන්නේ නම් පමණි.

මේ සඳහා ඇති හොඳම පිළිවෙල නම් සියලු විදම් විනිවිද පෙනෙන ආකාරයකට කිරීමයි. වැඩේ පටන් ගැනීමට හොඳම තැන ජනාධිපති කාර්යාලයයි .

මේ සඳහා OPEN  DATA  හෙවත් පාරදෘශ්‍ය ක්‍රමයකට දත්ත සමඟ ගනුදෙනු කිරීමේ ක්‍රමවේදයක් කරා ජනාධිපති කාර්යාලයට මාරු විය හැකිය .

එවිට මීලඟට එන ජනාධිපතිවරයාට සිරිසේන මහතාට ඇඟිල්ල දික් කිරීමට නොහැකිවනු ඇත.

 

OPEN  DATA

ඇමරිකාවේ ධවල මන්දිරයේ තොරතුරු අංශය භාර ප්‍රධානියා වන විවෙක් කුන්ද්‍රා ජනාධිපති කාර්යාලයේ වැදගත් තොරතුරු ජනතාවට න්දදෙන වැඩ පිළිවෙළක් ආරම්භ කළේය.

මෙහි මුලධර්මය වන්නේ දත්ත භාවිතය ප්‍රජාතන්ත්‍රීකරණය කොට ඒ මගින් විධායකය කෙරේ ජනතා විශ්වාසය වැඩි කිරීමයි.සාපේක්ෂ වශයෙන් මල් වඩම් සඳහා යන වියදම විශාල නැත එහෙත් ඒ මහින් පළුදුවෙන ජනතා විශ්වාශය මහත්ය.

යෝජිත තොරතුරු දැනගැනීමේ පනත අර්ථවත් වන්නේ ආණ්ඩුවේ ආයතන ඊට සංවේදීව තොරතුරුව හසුරුවන්නේ නම් පමණි.

මෛත්‍රි පවසන් ආකාරයට ඔහු පට්ට ක්ලීන් ජනාධිපතිවරයෙකි.

එහෙයින් ඔහිට බිය වීමට දෙයක් නැත.වැඩේ ඉහළින්ම පටන් ගත විට සර සුභාවට වැඩේ කෙරෙනු ඇත.

එවිට අගමැති රනිල් වික්‍රමසිංහ පවසන පරිදි ශ්‍රීලංකාව  2030 දී  සංවර්ධිත රටක් මෙන්ම පිරිසුදු රටක් වනු ඇත.

 

Open  Data ගැන වැඩිදුර දැනගැනීමට 

 

දත්ත එකිනෙක හා සම්බන්ධ කළ  විට ඇත්ත හෙළිදරව් වන නව සමාජ ජාලයක් බිහිවෙන බව අන්තර් ජලයේ නිර්මාතෘ සේ සැලකෙන ටීම් බර්න්ස් ලී කියා සිටී.

 

[vsw id=”/3YcZ3Zqk0a8″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

Data.gov is a U.S. government website launched in late May 2009 by the then Federal Chief Information Officer (CIO) of the United States, Vivek Kundra.

Data.gov aims to improve public access to high value, machine readable datasets generated by the Executive Branch of the Federal Government.”[1]

The site is a repository for federal government information, made available to the public.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.