මහින්ද ගෙන් රිටන් එකක්

 

dinesh mahinda

 

අයවැය විවාදයට එක්වූ කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති  සිරිසේනයන්ට රිටන්  එකක් දුන්නේය.

පෙරදා පාර්ලිමේන්තුවේදී ජනාධිපති සිරිසේන කියා සිටියේ මල් වඩමෙන්ද  රාජපක්ෂ ආණ්ඩුව ගසා කා ඇති බවයි.

‘මේ කියන විදියට දැන් සල්ලි ඉතුරු වෙලා ඇතිනෙ’ යැයි හින්ට් එකක් පාස් කළ හිටපු ජනධිපතිවරයා කියා සිටියේ ඒ ඉතිරි කරගත් මුදලින් හමුදාව ප්‍රතිසංවිධානය කරගන්නා ලෙසයි.

බ්‍රිතාන්‍ය ශ්‍රිලංකාවේ හමුදාව ප්‍රතිසංවිධානය කිර්ර්ම සඳහා  පවුම් මිලියන හයක් ලබා දීමට යන පුවත තමන්ට ආරංචි වූ බවත් මල්වඩම් ගැනීම  අඩු කිරීමෙන් ඉතිරි කරගත් මුදලින් හමුදාව ප්‍රතිසංවිධානය කරගත යුතු බව කියමින් ඔහු සිරිසේන ජනාධිපතිවරයාට ටොක්කක් ඇන්නේය.

විදේශ රටක මුදලින් තමන්ගේ රටේ හමුදාව  ප්‍රතිසංවිධානය කරන්නට යෑම භයානක කාර්යයක් බව හිටපු ජනධිපතිවරයා කියා සිටියේය.

 

[vsw id=”/Rx2qsLf23Io” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

මේ අතරවාරේ ජනාධිපති කාර්යාලයේ වාහන භාවිතා කල අයගේ නම් ලැයිස්තුවක් සුනිල් හඳුන්නෙත්ති ඉදිරිපත් කළේය.

උපේක්ෂා ස්වර්ණමාලි සහ ජැක්සන් ඇන්තනි ගේ නම් ද එහි  විය.

උපේක්ෂා ස්වර්ණමාලි නම් මන්ත්‍රීවරියකි.

ජැක්සන් ඇන්තනි?

ජැක්සන් ඇන්තනි රාජපක්ෂ පවුල බුදුන් ටත්  නෑකම්  කියන බව කියූ පුරකයාය.

 

 

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.