මහින්ද ගේ ප්‍රජා අයිතිය අහෝසි වෙනවා- චම්පික රණවක

 

champikacc

රාඩා මගඩිය මගින් මහින්ද රාජපක්ෂ සහ ටිරාන් අලස් චේතාන්විතව එල්ටීටීඊ ත්‍රස්තවාදීන්ට මුදල් ලබා දී ඇති බවට සියලු සාක්කි තිබෙන බවත් ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් රටේ දේශපූර්ණත්වය උල්ලංඝණය කිරීම අනුව මහින්ද රාජපක්ෂ කුරුණෑගල මන්ත්‍රී ලෙස පාර්ලිමේන්තුවට පැමිණියද ටික දිනකින්ම මන්ත්‍රී ධූරය අහෝසි කර, දේපොල රාජසන්තක කර, වසර 7 කට ප්‍රජා අයිතිය අහෝසි කරන බවත් ටිරාන් අලස්ටද එයම සිදුවන බවත් ඇමැති චම්පික රණවක පවසයි –

 

[vsw id=”/cW_IMHj6Ccc” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

 

මෙම ත්‍රස්තවාදී ගණුදෙනුවේ ආරම්භය සිදුවන්නේ 2005 ජනාධිපතිවරණයට පෙර සිට. මහින්ද රාජපක්ෂ මහතා විසින් ටිරාන් අලස් වෙත කරන ඉල්ලීමක් අනුව මෙය සිදුවෙනවා. ඒ ඉල්ලීම කොටි සංවිධානය සමග කිසියම් සබඳතාවක් පවත්වා, උතුරේ ඡන්ද වර්ජනය කිරීමට එය යොදවාගන්නා ලෙස කළ ඉල්ලීමක්. ඒ කාලයේ ටිරාන් අලස් සී.ඊ.බී. නමින් ආයතනයක් පවත්වාගෙන ගියා. එමගින් උතුරු නැගෙනහිර පළාත්වල දුරකතන සමාගම්වල වැඩ සිදුකළා. එ අනුව ඔහු කොටි සංවිධානය සමග සබඳකම් පවත්වනු ලැබුවා. 2007.02.12 දින ඔහු විසින් ලබාදුන් දිව්රුම් ප්‍රකාශ මගින් ඔහු පිළිගෙන තිඛෙනවා බැසිල් රාජපක්ෂ මහතා සහ එමිල් කාන්තන් නැමති කොටි සංවිධනයේ නියෝජිතයා සමග සාකච්ඡා කළ බවත්, ඔවුන්ට මුදල් ලබාදුන් බවත්. එය සිදුවී තිඛෙන්නේ මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ කටයුතු කරන කාලයේ එම මුදල් වලින් ත්‍රස්තවාදින් විසින් බෝට්ටු මිලදී ගත් බවත්. ටිරාන් අලස් මහතා ප්‍රකාශ කර තිඛෙනවා.  ටිරාන් අලස් මහතාගේ නිවසට එල්ල කළ බෝම්බ ප්‍ර්‍රහාරයෙන් පසු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මේ සියල්ල හෙළිකරනු ලැබුවා. ත්‍රස්තවාදීන් සමග කළ මුදල් ගනුදෙනු වල වීඩියෝ සහ වාර්තා තමන් සතුව තිඛෙන නිසා එය විනාශ කිරීමේ අරමුණෙන් ඔහුගේ නිවස කොල්ල  කෑ බවත්, ප්‍රහාරයේ අරමුණ එය බවත් ප්‍රකාශ කළා. එල්.ටී.ටී.ඊ. යට තමන් අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කරන කාලයේදී මුදල් ලබාදුන්නාය කියන චෝදනාව මහින්ද රාජපක්ෂ හෝ බැසිල් රාජපක්ෂ  මේ වනතුරුත්  ප්‍රතික්ෂේප කර නැහැ.

මහින්ද ජනාධිපති වීමෙන් පසු ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබුණේ ප්‍රභාකරන් සමග සෘජු සාකච්ඡා වලට යොමුවන බවයි. ප්‍රභාකරන් විසින් 2005.12.27 දින ඊනියා මහා වීරදින කතාවේදි මහින්ද රාජපක්ෂ ‘ප්‍රායෝගික නායකයෙක්‘ ලෙස සඳහන් කළා. මිස්ටර් ප්‍රභාකරන් ලෙස අමතා සාකච්ඡා වලට ආරාධනා කලේ මහින්ද රාජපක්ෂ. මහින්ද රාජපක්ෂ දෙබිඩි චරිතයක්.

 

මහින්ද රාජපක්ෂ ඔහුගේ අමාත්‍යාංශයත් යටතේ රාඩා නමින් ආයතනයක් ඇති කරනවා. එම ආයතනය පිහිටුවන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පවත්වාගෙන ගිය Reppla, Tafren, Tafor  ආයතන එක්කොට මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස ටිරාන් අලස් සභාපති ලෙස පත් කරනවා. බී. අබේගුණවර්ධන, තිලක් අමුණගම, ශාන්ති ප්‍රනාන්දු, සාලිය වික්‍රසූරිය යන අය සම්බන්ධවී තිබෙනවා. රාඩා ආයතනයට ජාතික ඉතිරිකිරීමේ බැංකුව හා සංවර්ධන අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.

2005 අග භාගය වනවිට මෙම පිරිස කිලිනොච්චියට ගිහින් ‘පූවන්නන්‘ නැමති එල්. ටී.ටී. ඊ. නායකයා හමුවි සාකච්ඡා කර සුනාමි නිවාස 1200 සෑදීමේ ව්‍යාපෘතියක් ගැන කතාබහ කරනවා. මෙය කොටි සංවිධානයට අරමුදල් ලබාදීමට කළ ව්‍යාජ වැඩපිළිවෙලක්.  මෙම ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තුගත මුදල රු. මිලියන 800 ක්. භාණ්ඩාගාර නිලධාරියා එය නීත්‍යානුකූලව ලබාදිය නොහැකි බවත්, කැබිනට් පත්‍රිකා අනුමැතිය තිබියයුතු බවත් සඳහන් කර තිඛෙනවා. මහින්ද රාජපක්ෂ එවිට සිදුකළේ කැබිනට් මණ්ඩලයට දැනුම්දීමක් පමණක් සිදුකර මුදල් ඇමති ලෙස මිලියන 800 ක් නිවාස ගැනීම සඳහා ඉදිරිපත් කිරිම. එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී නැහැ.

ජී.එල්. බිල්ඩර්ස් ඇන්ඩ් කන්සල්ටර්, සී.එන්.කේ. හෝල්ඩිංන්ස්, එවරස්ට් සිවිල් ඉන්ජිනියර් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතන 03 හරහා මෙම මිලියන 800 කොටස් වශයෙන් නිකුත් කළා. මෙම ආයතන 03 ලිපි ශීර්ෂ වලට පමණක් සීමාවුණු ආයතනයක්. කිසිදු සොයාබැලීමකින් තොරව මුදල් ලබාදුන්නා. මෙය ටිරාන් අලස්ගේ අනුදැනුම ඇතිව එම කටයුතු සිදුවුණා. 2006 මාවිල්ආරු සිදුවීම ආරම්භ වුවත්. මෙම මුදල් ගනුදෙනුව සිදුවුණා. 2006.06.22 දින බී.කේ. හෝල්ඩිංන්ස් ගිණුමෙන් මිලියන සියයක මුදලක් ටිරාන් අලස්ගේ සී.ඊ.බී. කාර්යාලයේදී ටිරාන් අලස්ට ලබාදීම 2006.05.10 බී.කේ. හෝල්ඩිංස් ගිණූමෙන් (රු.5700,000 ක් ) ලක්ෂ පනස් හතක් ලබාදෙනවා. 2006.05.30 එවරස්ට් සිවිල් ඉන්ජිනියර්ස් සර්විසර්ස් ගිනුමෙන් රු. ලක්ෂ සියයක් (රු.10,000,000 ක් ) බැංකුවෙන් ලබාගෙන එමිල් කාන්තන් සමග ගොස් සී.ඊ.බී. කාර්යාලයේදී ටිරාන් අලස් ගේ අතටම ලබාදෙනවා. 2006.05.31 දිනද එවරස්ට් සිවිල් ඉන්ජිනියර්ස් සර්විසර්ස් ගිණූමෙන් රු. ලක්ෂ සියයක් (රු10,000,000) මුදලක් ටිරාන් අලස්ට ලබාදි තිබෙනවා. රාඩා ආයතනය හරහා මහා භාණ්ඩාගාරයෙන් නිකුත් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන වලින් රු. මිලියන 169 ට අධික මුදලක් කොටි ත්‍රස්තාවදීන්ට ලබාදීලා තිබෙනවා.

 

මේ නඩුව ඇසිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොවේ. මේ නඩුව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයත් කෙලෙසනවා. රණවිරුවන් 26,000 ක් ඝාතනය කර, සිවිල් වැසියන් 9000 ක් ඝාතනය කළ ත්‍රස්තවාදී සංවිධානයට මුදල් උපකාර කළ ඔවුන් මානව හිමිකම් ගැන කතා කරනවා. ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමෙන් වැලකී සිිටින්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුව දිගින් දිගටම කල් දැමීම නිසා. යුක්තිය පසිඳලීම පසෙක තබා ටිරාන් අලස්ව ගලවා ගැනීමට ඇතැම් මිනිසුන් ක්‍රියාත්මක වෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 6 වන සංශෝධනය මගින් ඇතිකළ 157 – 1 වගන්තියට අනුව දේශපූර්ණත්වය වගන්තිය යටතේ ශ්‍රී ලංකාව තුළ වෙනත් රාජ්‍යයක් බිහි කිරීමට ආධාර දෙන, අනුබල දෙන අනුග්‍රහය දක්වන, මුදල් යොදවන ඕනෑම තැැනත්තෙක් ව්‍යවස්ථාවට අනුව අධි චෝදනා ගොනුකර අභියාචනා අධිකරණයේ පවත්වන නඩු විභාගයෙන් පසු වසර 07 කට ප්‍රජා අයිතිය අහිමි වෙනවා. චංචල හා නිෂ්චල දේපල රාජසන්තක වෙනවා. ඔහු මන්ත්‍රීවරයෙක් නම් සියළු ධුර අහිමි වෙනවා.  ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට ආවත් මහින්ද රාජපක්ෂට හා ටිරාන් අලස්ට සිදුවන්නේ එකම දෙයයි “ චම්පික රණවක වැඩි දුරටත් පැවසීය

 

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.