මහින්ද ඩබල් ගහයි

 

 

mahinda copyදෙවනවර කියැවීමේ ඡන්දය ගැනීම සඳහා කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ගේ නම  කියැවෙද්දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගෙන් මහ ගෝෂාවක් නැගින.

හැමෝටම දැනගන්නට වුවමනා වූයේ මහිද රාජපක්ෂ මන්ත්‍රීවරයා  සභා ගැබේ නැත්තේ මන්ද යන්නයි.

මේ වන විට  මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැති බවට ඔහුගේ මාධ්‍ය ලේකම් වන රොහාන් වැලිවිට විසින් නිවේදනයක් නිකුත් කොට තිබින.

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ මහින්ද රාජපක්ෂ හිටපු මන්ත්‍රීවරයා පන්සල් ගානේ ගොස් අයවැය විවේචනය කරන්නේ නැතුව පාර්ලිමේන්තුවට පැමිණ කරුණු දැක්විය යුතු බවයි.

දෙකොනින් ගින්දර

පසු ගිය දා අභයාරාමයට ගිය මහින්ද රාජපක්ෂ හිටපු ජනධිපතිවරයා අයවැයට දෙකොනින් ගින්දර පිටවෙන විවේචනයක් කළේය.

මෙලෝ රහක් නැති මෙම  අයවැය යෝජනා  මගින් ජනතා  දේපල විදේශිකයින්ට විකුණා දැමීම බණ්ඩාරනායක ප්‍රතිපත්තියට එරෙහිවීමක් බවකියා සිටියේය.

අයවැයට එරෙහිව චන්ඩි ටෝක් දෙන මහා  මැතිඳා සැඟවෙන්නේ මන්දැයි මන්ත්‍රීවරුන් ප්‍රශ්න කරන අතරවාරේ අජිත් පෙරේරා නියෝජ්‍ය ඇමතිවරයා යෝජනාවක් ඉදිරිපත් කළේය.

” පාර්ලිමේන්තු රාජකාරි හරි හැටි ඉටු කරන්නේ නැති මන්ත්‍රීවරුන් ගේ ආසන අහිමි කරමු” යැයි අජිත් පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේය .

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු එන්නේ නැතිනම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඊලඟට ඉන්න කෙනාට තැන දීන ඕනේ යැයි අජිත් පෙරේර් යෝජනා කළේය.

 

ajith perera

 

 

ඩබල් ගහන  හැටි

මහින්ද රාජපක්ෂ බදු මුදල් ගෙවන්නා ගේ අරමුදලින් ඩබල් ගහන  හැටි පෙන්වා දුන්නේ මුදල් ඇමති රවී කරුණානායකයි.

රුපියල් ලක්ෂයකට ආසන්න මන්ත්‍රී වැටුප් සහ දීමනා ලබන අතර තවත් තුන් ලක්ෂ පනස් දහසක් පමණ ජනාධිපති වැටුප් සහ දීමනා වශයෙන් මහින්ද රාජපක්ෂට හිමිවෙන බව

මුදල් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

මේ ඩබල් ගැහිල්ලට එරෙහිව තිරිංගත් දැමීමට ඉඩක් තිබේද යන්න පිළිබඳව එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙක් විමසූ විට තවත් වැඩිහිටි මන්ත්‍රීවරයෙක් කියා සිටියේ” ඒ සෙල්ලම්

හරි යන්නේ නැහැ ,ඒ පඩි සහ දීමනා දෙකම හම්බ කරගත්ත ඒවා නේ යැයි පැවසීය.

එතනට හොට දැම්ම ඒකාබද්ධ විපක්ෂයේ අරටුවක් ඒ දෙදෙනාට කියා සිටියේ ‘මහින්ද රාජපක්ෂ අවතක්සේරු කරන්න එපා’ යනුවෙනි.’අවුලක් නැහැ අද අයවැයට නෑවිත් මග හැරිය එකෙන් අපි ඔක්ක්කොම තක්සේරු කරගත්තා’ යැයි ඇමතිවරයා පැවැසීය.

 

Second reading of the budget 2016 passed in Parliament with a majority of 107 votes when the vote was taken a short while ago. 159 voted in favour while 52 voted against. 13 were absent at the time of voting. – See more at: http://www.dailymirror.lk/97735/budget-passed-with-107-majority#sthash.TirHdekZ.dpuf

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.