මහින්ද රාජ්‍ය ගිනුම් සභාව ගෙන්වන්න… රනිල් කියයි..

MR3රාජ්‍ය ගිණුම්වලට ඇතුළත් නොකර ඉකුත් රජය සමයේ ලබාගත් ණය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාව මුදල් කාරක සභාවට කැදවා වාර්තාවක් ලබාගැනීම සුදුසු යැයි අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ (10) ප්‍රකාශ කළේය.
සුමන්තිරන් ගේ සභාපතිත්වයෙන් යුතු මුදල් කාරක සභාවට හිටපු මුදල් ඇමතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා කැදවා රාජ්‍ය ගිණුම්වලට ඇතුළත් නොකර ණය ලබා ගෙන ණය උගුලක රට සිර කිරිම සම්බන්ධයෙන් විමසිය හැකි බවද අගමැතිවරයා කීවේය.
කෙසේ නමුත් ඉකුත් පාලන සමයේ ලබාගත් මුදල් සම්බන්ධයෙන් සොයා බැලිමට හිටපු ලේකම්වරයෙකුගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇති බවත් එහිදි රට සිරවී ඇති සම්පූර්ණ ණය ප්‍රමාණය පිළිබඳ නිශ්චිත නිගමනයකට එලැඹිය හැකි බවත් අගමැතිවරයා කීවේය.
අගමැතිවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඉකුත් රජයේ හිතුවක්කාරි ක්‍රියාපිළිවෙල හේතුවෙන් මේ වන විට රට රුපියල් ටි්‍රලියන 9.5 ක ණය උගුලක සිරවී සිටින බවත් එය සමහර විට රුපියල් ටි්‍රලියන 10 ක් විය හැකි බවත් අගමැතිවරයා කීවේය.
රට ඉදිරියේ මේ වන විට පවතින අභියෝගය මෙම ණය උගුලෙන් ගැලවීම බව කී අගමැතිවරයා සම්මුතිවාදි ජාතික ආණ්ඩුව මගින් මේ අභියෝග ජයගත හැකි බව බහුතරයකගේ හා ලෝක ප්‍රජාවගේ මතය බවද ඒ මහතා පැවසීය.
දළ දේශිය නිෂ්පාදිතය 2024 වසර වන විට දෙගුණයක් කර ගැනීමටත්, 2035 වසර වන විට ශ්‍රී ලංකාව ඉහළ ආදායම් ලබන රටක් බවට පත් කිරිමටත් අවකාශ සැලසෙන ලෙස ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ ආර්ථික මෙහෙයුම් මධ්‍යස්ථානය බවට පත් කිරිමට අපට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් අගමැතිවරයා කීවේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.