මහේල ඇස අග කඳුල……..

mahelaඑය ඉතා හැගීම් බර මොහොතක් විය. මහේල දහස් ගණන් පිරිවර සමඟින්  තම පා ගමන නිමාකළේ ඈඬු කඳුලිනි. ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම සඳහා අරමුදල් රැස් කරනු වස් සහාය දුන් සියලු ශ්‍රී ලංකාවාසීන්ට ප්‍රණාමය පුද කරන බව  පවසද්දී  හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ට පිළිකා මාරයාට ගොදුරු වූ තම සොහොයුරා මතක් වන්නට ඇත.

ඒ ආදරණීය දවස්  සහිපත් කරමින් ඔහු කියා සිටියේ පාගමන නිමාවීම සිය උත්සාහයේ එක් සන්ධිස්ථානයක් වුවත්, එය අවසන් වන්නේ රෝහල ඉදිකර රෝගීන්ට ප්‍රතිකාර කිරීම ආරම්භ කරන අවස්ථාවේ බව යි. රෝහල ඉදිකිරීමට අවශ්‍ය අරමුදල් රැස්කිරීම සඳහා ඔහුගේ mahela-1ප්‍රධානත්වයෙන් දියත් කෙරුණු පාගමන අවසානයේ කරාපිටිය රෝහල් පරිශ්‍රය තුළ ඊට මුල් ගල් තැබූ අවස්ථාවේදී ඔහු කියා සිටියේ පා ගමන අපුරු අත්දැකීමක්  වූ බවයි.

පේදුරුතුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා කිලෝමීටර 700 ක් පා ගමනමහේල ජයවර්ධන නිම කළේ , මීට විසි වසරකට ඉහතදී පිළිකා රෝගයෙන් මියගිය තම සොහොයුරා  ගේ මතකය  අළුත් කරමිනි. “මම හිතන්නේ මගේ මාත් ජීවිතේ සුන්දරම දවස් 27 ක් ගෙවුන. උතුරේ පේදුරුතුඩුවේ ඉඳල අපි මාතරට ඇවිල්ල තියෙනව. ශ්‍රී ලංකාවේ ජනතාව ‘කෙතරම් සුන්දර ද, කෙතරම් පරිත්‍යාගශීලී ද,” යැයි පවසද්දී ඉතා හැඟුම්බර විණ.

ගාල්ල කරාපිටිය මහ රෝහලට අනුබද්ධව පිළිකා රෝහලක් ඉදිකිරීම පිණිස අවශ්‍ය රුපියල් මිලියන 750ක මුදල සපයන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිඥා  දී ඇති අතර පා ගමනිනින් පාගමනින් රුපියල් මිලියන 750 ක් එකතු වී ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.