Earth like planet :මහ පොළවට ලේ නෑයෙක්

earth lkeie

පෘථිවිය හා සමාන ජීවයක් සහිත ග්‍රහලොවක් පිළිබඳ නිරන්තර අවධානයෙන් පසු වන විද්‍යාඥ  පිරිසකට සුබ ලකුණක් පහළ වී ඇත. අප ජීවත් වන සෞරග්‍රහ මණ්ඩලයට එපිටින්, පෘථිවියේ සිට ආලෝක වර්ෂ 39ක් දුරින් “වේලා” නමැති තාර්කා මණ්ඩලයට අයත් පෘථිවිය හා සමාන ලක්ෂණවලින් යුතු  පාෂාණමය  ග්‍රහලෝකයක් පවතින බව ඔවුන්ගේ නවතම සොයා ගැනීමයි. මෙම අළුත් පෘථිවි  නෑයා  නම් කර ඇත්තේ GJ 1132b  නමිනි. සෞරග්‍රහ මණ්ඩලයට එපිටින් දැනට සොයා ගෙන ඇති ග්‍රහලෝක සියල්ලටම වඩා කිට්ටුවෙන්ම පවතින බැවින් මෙය අතිවිශාල වැදගත්මක් දරන බව තාරකා විද්‍යාඥයින්ගේ මතයයි.

මෙම  හපන්කම සිදු කර ඇත්තේ චිලී හි MEarth-South array නමැති තාරකා විද්‍යාඥ  කණ්ඩායමයි.  අළුත් ග්‍රහයාගේ මතුපිට වායුගෝලය, එහි සුළ‍ගේ වේගය, හිරු බැස්මේ වර්ණය යනාදි වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට විදු කණ්ඩායම සමත් වීම බලාපොරොත්තු ඇති කරවනසුළුය. මෙම ග්‍රහලොවට අයත් සූර්යයා අපේ සූර්යයාට වඩා 21%කින් විෂ්කම්භයෙන් කුඩාය. නමුත් ග්‍රහයාගේ විෂ්කම්භය පෘථිවි විෂ්කම්භය මෙන් 20%කින් විශාලය. එබැවින් එහි ස්කන්ධයද පෘථිවියට සාපේක්ෂව බෙහෙවින් විශාලය.

එයා ගිනි රස්නෙලු

මහපොළවේ ජීවත් වන අපට වඩාත් වැදගත් වනුයේ අළුත් ග්‍රහයා මතුපිට  ජීවීන්ට හිතකර පරිසරයක් තිබේද යන්නයි. දිනෙන් දින ශීඝ්‍රයෙන් ඉහළ යන, දරාගත නොහැකි ජනගහන බරින් ද එයටම ඈදුණු ආහාර සහ ජනාවාස ප්‍රශ්නයෙන්ද හෙම්බත් වූ පෘථිවි වැසියෝ එයින් මිදීමේ මං සොයමින් නිරතුරු අභ්‍යාවකාශයට නෙත් යොමා සිටිනුයේ මෙබඳු හිතවතුන් මුණගැසීමේ දැඩි අපේක්ෂාවෙනි. නමුත් දැනට සොයා ගෙන ඇති තොරතුරු අනුව GJ 1132b   ග්‍රහයාගේ උෂ්ණත්වය කෙල්වින් අංශක 500කි. එනම් ෆැරන්හයිට් අංශක 440කි.  මෙය පෘථිවි ජීවීන්ට දරා ගත නොහැකි අධික උණුසුමකි. නමුත් අප බලාපොරොත්තු සුන් කර නොගත යුත්තේ මීට වඩා උෂ්ණත්වය අඩු, ජීවීන්ට හිතකර පරිසරයක් සහිත ග්‍රහ‍ලෝකයන් සොයා ගැනීමේ අනාගත වෑයමට මෙය මහත් රුකුලක් වන බැවිනි.

An earth like planet

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.