මාධ්‍යයකරුවන්ගේ විකෘති පුවත් නිසා තමන්ගේ ජීවිතය දැඩි අනතුරක – උතුරු මහා ඇමති කියයි

c. v. vigneswaranදිනසේන රතුගමගේ
තමන්ගේ ජීවිතය දැඩි අනතුරකට පත්ව රජයෙන් පවා ආරක්ෂාව ඉල්ලීමට සිදුවූයේ මාධ්‍යයකරුවන් වැරදි හා විකෘති අන්දමට පුවත් පලකිරීම නිසා බව කී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යය සී. වී. විග්නේස්වරන් සෑම විටම මධ්‍යයකරුවන් ජනතාවට නිවැරදි හා සත්‍යය තොරතුරු සැපයීම තම වගකීම බව පිළිගත යුතු යැයි පවසා තිබේ.

යාපනයේ පැවති උත්සවයකදී 06 දා දහවල් මේ බව පැවසූ ප්‍රධාන අමාත්‍යයවරයා තවදුරටත් කියා සිටියේ උතුරු පළාතෙන් බුදුදහම සහ බුදු පිළිම ඉවත් කරණ ලෙස තමන් නියෝග කළ බවට දකුණේ මාධ්‍යය වාර්තා කිරීම නිසා තමන්ට මේ ජීවිත අනතුර සිදු වූ බවයි.

ජීවිතයට අවදානමක් සිදුවූවා මෙන්ම තමන්ට දකුණේ සිටි ඉතා වැදගත් මිතුරන් විශාල පිරිසක් අහිමි වීමටත් මෙම වැරදි මාධ්‍යයකරණය ඉවහල් වූ බව කී ප්‍රධාන අමාත්‍යයවරයා මාධ්‍යයකරුවන් මුදලටත්, ජනප්‍රියභාවයටත් වහල් වී සෙසු අයගේ ජීවිත වනසා දැමීම සදාචාරාත්මක නොවන බවද පැවසීය.

මාධ්‍යයකරුවන් ඉතාම සමබර වියයුතු අතර නිරන්තරයෙන්ම දැණුම වර්ධනය කරගත යුතු පිරිසක් මිස සියල්ල දත් පිරිසක් ලෙස සිතා කටයුතු කිරීම මුළු රටටම මෙන්ම මාධ්‍යයකරුවාටද විනාශයක් ගෙන දෙන තත්ත්වයක් බව අවධාරනය කරගත යුතු බව කී ප්‍රධාන අමාත්‍යයවරයා විශේෂයෙන්ම උතුරේ මාධ්‍යයවේදීන් ඉතාම කල්පනාකාරීව මාධ්‍යය වාර්තාකරණයේ නිරතවන මෙන් ඉල්ලීමක් කොට සිටියේය.

උතුරේ මාධ්‍යයවේදීන් පලකරණ දේ දකුණේ මාධ්‍යය විසින් දේශපාලන වුවමනාවන්ට හා ආගමික අවශ්‍යයතාවයන්ටත් ජාතිවාදය වෙනුවෙනුත් විකෘති කිරීම්වලට ලක් කරණ බැවින් උතුරේ මාධ්‍යයකරුවන් ඉතා නිරවුල්ව හා පැහැදිලිව මාධ්‍යයකරණයේ නිරතවිය යුතු බව ප්‍රධාන අමාත්‍යයා මෙහිදී පෙන්වා දුන්නේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.