මාධ්‍ය ඇමති අගමැතිට ජනපතිට සුහද කොකා පෙන්වයි

 gayantha1

ජනපති, අගමැති සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වෙනුවෙන් ‘සුහද කොකා’ චිත‍්‍රපටයේ විශේෂ දර්ශනයක් ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේ දී මෙම මස 10 වැනිදා රාත‍්‍රී 7.00ට පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතාගේ යෝජනාවකට අනුව මෙම චිත‍්‍රපට දර්ශනය පැවැත්වීමට නියමිතය.

දේශපාලනය තේමා කරගත් විනෝදාත්මක චිත‍්‍රපටයක් වන ‘සුහද කොකා‘ නැරඹීම සඳහා ජනපතිට හා අගමැතිට මෙන්ම පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් 225 දෙනාටම ආරාධනා කර ඇති බවත් මේ සියලූ දෙනා එකම සිනමා ශාලාවක එක්ව චිත‍්‍රපටයක් නැරඹීම ඓතිහාසික අවස්ථාවක් වනු ඇති බවත් පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය පවසයි

 

 

 

‘සිකුරු හතේ’ චිත‍්‍රපටය තුළින් ප‍්‍රහසනාත්මක සිනමාවක් කරළියට ගෙන ඒමට සමත් වූ ගිරිරාජ් කෞෂල්‍ය ඉන් කලකට පසුව ‘සුහද කොකා’ නිර්මාණය කළේ ය. එහෙත්, එතුමා නැමැති නමැති රූපවාහිනී ප‍්‍රහසනය නැරැුඹූ පේ‍්‍රක්‍ෂකයන් චෝදනා කරන්නේ ‘සුහද කොකා’ තමන්ට කළ අසාධාරණයක් බව ය. මේ පිළිබඳව ගිරිරාජ් කෞෂල්‍ය සමඟ කළ සංවාදයකි මේ.

පාට කණ්ණාඩි ගලවලා
ලෝකය දිහා බලන්න

රංගන ශිල්පී, චිත‍්‍රපට අධ්‍යක්ෂ ගිරිරාජ් කෞෂල්‍ය

artworks-000077543017-a9ycv3-t500x500

‘සුහද කොකා’ චිත‍්‍රපටය මේ දිනවල තිරගත වෙමිනුයි තිබෙන්නෙ. මේ සිනමාපටය නිර්මාණය කරන්න පාදක වුණු පසුබිම මොකක්ද ?

මේක තකහනියෙ ම නිර්මාණය කරපු චිත‍්‍රපටයක් නෙමෙයි. මම ‘එතුමා’ කියල ටෙලිනාට්‍යයක් කළානෙ බොහෝ කාලෙකට කලින්. ඒ ටෙලිනාට්‍යය පාදක කරගනිමින් තමයි මේ චිත‍්‍රපටය නිර්මාණය කළේ. සමහරු ඇහුවා ‘එතුමා’ ටෙලිනාට්‍යයම නැවත නිර්මාණය කරලා පේ‍්‍රක්ෂකයන්ව රවට්ටනවද..? පේ‍්‍රක්ෂකයන්ට කොකා පෙන්නනව ද කියල. පැහැදිලිව ම ‘එතුමා’ ටෙලිනාට්‍යය තමයි මම මේ චිත‍්‍රපටයට පාදක කර ගත්තෙ. විශේෂයෙන් ම එහි තිබුණු චරිත චිත‍්‍රපටයට යොදා ගත්තා. උදාහරණයක් විදිහට ‘එතුමා’ ටෙලිනාට්‍යයේ හිටපු රාජමන්ත‍්‍රී (විජය නන්දසිරි), ලියන මහත්තයා (ලාල් කුලරත්න), සුමනදාස (රොඞ්නි වර්ණකුල) කියන චරිත ටික ම ‘සුහද කොකා’ චිත‍්‍රපටයෙත් ඒ ආකාරයටම පෙනී සිටිනවා. මෙහි තිබෙන විශේෂත්වය තමයි, ‘එතුමා’ ටෙලි නාට්‍යය මීට වසර ගණනාවකට කලින් කරන කොට ඒකට මම යොදා ගත්තෙ ඒ කාලයේ තිබුණු දේශපාලන වාතාවරණය. මම ඒ වාතාවරණය ‘එතුමා’ හරහා උපහාසයට සහ හාස්‍යයට ලක් කළා. ‘එතුමා’ ටෙලිනාට්‍යය නවත්වලා වසර ගණනාවක් ගෙවී ගිහින් තිබුණත්, කලින් තිබුණු දේශපාලන වාතාවරණය රට පුරා තවමත් පවතිනවා. ඒ නිසා මට හිතුණා අදටත් ‘එතුමා’ ටෙලි නාට්‍යයේ චරිත වලංගුයි කියල. ඒ නිසා මම ‘එතුමා’ නවත්වපු තැනින් ඔබ්බට මේක අරගෙන යන්න කල්පනා කළා. ඒ අනුව වර්තමානයේ අප අත්වි`දින දේශපාලන තත්ත්වය හාස්‍යයට ලක් කිරීමේ අරමුණින් තමයි ‘සුහද කොකා’ චිත‍්‍රපටය නිර්මාණය කළේ. ඒ වගේම ‘එතුමා’ නැවතුණු දා සිට මේ දක්වා අපි අත්වි`දපු දේශපාලන ලෝකය ගැන තමයි මේ චිත‍්‍රපටයෙන් කතා කරන්නෙ.

සිදුවූයේ බලය හුවමාරු වීමක් පමණයි. නමුත් ජනතාවට එයින් සෙතක් වී නැති බවද ඔබ ස`දහන් කරන්නෙ ?

මට දැන් අවුරුදු පණහක් වෙනවා. එක්දහස් නවසිය හැත්තෑ හත වෙනකොටත් මට ඡුන්ද බලය හිමිවෙලා තිබුණෙ නැහැ. එතකොට මම ටිකක් කුඩා අවධියේ. නමුත් හැත්තෑ හතේ ආණ්ඩු පරිවර්තනයේ සිට මේ දක්වා සිදුවුණු බල හුවමාරු වීමේ ක‍්‍රියාවලිය මට හො`දට මතකයි. මගේ තාත්තා කොමියුනිස්ට් කාරයෙක්. ඊට පස්සෙ වාමාංශික දේශපාලන ව්‍යාපාරවලට සම්බන්ධ වෙලා හිටියා. විවිධ දේශපාලන මුහුණුවරවලට ඇවිල්ලා අන්තිමට දේශපාලනයෙන් ඉවත් වුණා. මමත් වසර ගණනාවක් රාජ්‍ය සේවකයෙක් ලෙස වැඩ කළා. හැත්තෑ හතේ ඉ`දල ආපු සියලූම මැතිවරණවල දී දේශපාලන පක්ෂ සහ අපේක්ෂකයන් මැතිවරණ ව්‍යාපාරයට අවතීර්ණ වුණේ එවකට තිබුණු තත්ත්වය ‘වෙනස්’ කරන බව කියමින්. එහෙම නැත්නම් අලූත් දේවල් දෙනවා කියමින් තමයි ඔවුන් ආවෙ. ඒ නිසා මේ පොරොන්දු දේශපාලනය අපි අත්දැක්කේ මෑත කාලයේ තිබුණු හෝ තිබෙන ආණ්ඩුවලින් පමණක් ම නෙමෙයි. මේ තත්ත්වය අපට අලූත් දෙයක් නෙමෙයි. ඉතිහාසයේ සිට ම තිබෙන දෙයක්. ඒ නිසා මම හිතන්නෙ එදා සිට මේ වෙනකල් සිදු වුණේ එකම සිදුවීමක්. ඒකෙ කිසිම වෙනසක් වෙලා නැහැ.

‘සුහද කොකා’ චිත‍්‍රපටයෙ එක්තරා දෙබසක් තිබෙනවා. ඒ දෙබස තුළ කියැවෙනවා ”වංචා කිරීම තමයි දේශපාලනය කියන්නෙ” කියලා. ඇයි ඔබ දේශපාලනයට එවැනි අර්ථයක් ලබා දෙන්නෙ ?

ඇත්තටම දේශපාලනය කියල කියන්නෙ වංචා කිරීමනෙ. වංචා කරනව කියන්නෙ අල්ලස් සහ දූෂණ පමණක් ම නෙමෙයි. ඊට වැඩිය ජනතාව මුළා කිරීම කියන වංචාව බරපතළයි. මිනිස්සුන්ට පෙනි පෙනී මිනිස්සුන්ට ම බොරු කරනවා. මම චිත‍්‍රපටය තුළ යොදා ගෙන තිබෙන්නෙ එක්තරා ‘සිම්බල්ස්’ ටිකක්නෙ. ඒ ‘සිම්බල්ස්’ ඇතුළෙ යන්නෙ එක හිරමනයකවත් තල නැහැ. රාජමන්ත‍්‍රී මන්ත‍්‍රීවරයගෙ හිරමනයෙ විතරයි තලය තියෙන්නෙ. ඔහු ඉතින් පොල් ගාලා දිනනවා. ඒකට මිනිස්සු අත්පුඩිත් ගහනවා. කොට්ටපොර ගහනකොට එක වතාවක්වත් රාජමන්ත‍්‍රී පහර එල්ල කරන්නෙ නැහැ. ඔහුට පහර එල්ල කරන්නෙත් නැහැ. නමුත් ප‍්‍රතිවාදියා වැටෙනවා. ඒකටත් මිනිස්සු අත්පුඩි ගහනවා. ඒ කියන්නෙ මේ රටේ බොහෝ දේශපාලනඥයන් කරන වැරැුදි අපි දකිනවා. නමුත්, අපි පක්ෂග‍්‍රාහී වුණාට පස්සෙ ඒ වරද, වරදක් හැටියට දකින්නෙ නැහැ. උදාහරණයක් විදිහට සමහරුන් එක්ක අපි කතාකරපුවා ම කියනවා ”නෑ ඉතින් ඒක එහෙ ම තමයි කවුරු ආවත් හොරකම් කරනවා”. අන්න එහෙ ම තමන්ගෙ පක්ෂයේ කෙනාට පොඩි පක්ෂපාතීකමක් දක්වනවනෙ අපේ ඡුන්දදායකයෝ. ඒක ම තමයි මම චිත‍්‍රපටයට පාදක කර ගත්තෙ. අපිට මතකයි එක්තරා කාලයක හෙ`දන් හාල් ගෙනැත් දෙනව කිව්වා. අපි දන්නවා හෙ`දන් හාල් ගේන්න බැහැ කියල. නමුත් අපි ඒවා පිළිගන්නවා. තව දේශපාලනඥයෙක් කිව්වා ඇට අටක් දෙනවා කියලා. දුන්නෙ නෑනෙ. දැන් ඔය විදිහට වර්තමානය වෙනකම් දීපු පොරොන්දු ඉටු කළේ නැහැනෙ. කියපු දේවල්වලින් බාගෙට බාගයක්වත් ඉටු කරන්නෙත්
නැහැනෙ. ඔය කාරණයට තමයි වංචා කරනවා කියලා මම කියන්නෙ. ”අද භාණ්ඩාගාරයේ සල්ලි නෑ. ඒ නිසා පඩි ගෙවන්න විදිහක් නෑ. ඒ හින්දා වැඩ කරපල්ල” කිව්වොත් ජීවිතේට දිනන්න හම්බවෙන්නෙ නැහැනෙ. අර විදිහෙ බොරුවක් කිව්වොත් තමයි දිනන්න පුළුවන්.

[vsw id=”/Botae8puZLU” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

ඉතිහාසයේ සිට මේ දක්වා දේශපාලඥයන් බොරු කියනවා, වංචා කරනවා. නමුත් මේ දක්වාම ජනතාව ඒ දේවල් පිළිගනිමින් ඉන්නවා නේද ?

මිනිස්සු ඒ බොරුව පිළිගන්නෙ නැහැ. නමුත්, මිනිස්සු ඉන්නෙ පක්ෂ දෙකකට බෙදිලා. අපේ රටේ මිනිස්සු හරි අකමැතියි ඒ පක්ෂ දෙකෙන් වෙන් වෙන්න. අපේ රටේ තිබෙන මූලික ම සහ ලොකු ම ගැටලූව හැටියට මම දකින්නෙ ඔන්න ඔය කාරණය. අලූත් විදිහට හිතන තරුණ පරපුරක් එන්න ඕන නේ මේ ක‍්‍රමය වෙනස් වෙන්න නම්. නමුත් බොහෝ වෙලාවට දෙමව්පියන් අර කියපු පක්ෂ දෙකකින් එකක නම් ඒ පක්ෂයට ම නැඹුරු වෙච්ච නව පරම්පරාවක් තමයි අපේ රටේ නිර්මාණය වෙලා තිබෙන්නෙ. එතකොට අපේ රටේ ප‍්‍රධාන පක්ෂ දෙකක් තියෙනවනෙ. ඒ පක්ෂ දෙකට ජනතාව බෙදිල ඉන්නෙ. විශේෂිත අවස්ථාවල දී පමණක් ඒ තත්ත්වය වෙනස් වුණා. පා වෙන ඡුන්ද යම් කිසි ප‍්‍රමාණයක් තිබෙනවා. ඒ හරහා තමයි තත්ත්වයන් වෙනස් වීමේ ප‍්‍රවණතාවය ඇති කළේ. ඒ වගේ ම ජනතාවගෙන් සමස්තයම රැුවටෙනවා කියල මම හිතන්නෙ නැහැ. නමුත්, යම් කිසි පිරිසක් රැුවටෙනවා ඇති. ඒ වගේම සැලකිය යුතු පිරිසක් මධ්‍යස්ථව ඉන්නවා. ඔවුන් නිසා තමයි ආණ්ඩු පෙරළෙන්නෙ. නමුත්, වැඩි පිරිසක් ඉන්නෙ මේ පක්ෂ දෙකට නැඹුරු වෙලා. තමන්ගේ පක්ෂයෙන් කියන්නා වූ ඕනෑම කාරණාවක් පිළිගන්න තත්ත්වයක තමයි ඔවුන් ඉන්නෙ.

රටක් විදිහට බැලූවොත් ඒ තත්ත්වය සුබදායී තත්ත්වයක් නොවෙයි නේද ?

ඒක බොහො ම අශුභදායී දෙයක්. මම නම් කියන්නෙ මිනිස්සු පක්ෂවලට බැෙ`දන්නෙ නැතුව මධ්‍යස්ථ මතධාරීන් වුණොත් විතරයි අපිට හරි කෙනා කවුද කියල පේන්නෙ. අපි පාට කණ්නාඩියක් දාගත්තා ම අපිට ඒ වර්ණයෙන් විතරයි ලෝකය ම දකින්න වෙන්නෙ. ඒ නිසා පාට කණ්ණාඩිය ඉස්සෙල්ලා ම ගලවන්න ඕන. ඒ නිසා මධ්‍යස්ථව හිටියොත් අපිට ඒ මොහොතට අදාළ වෙන වැදගත් වන තීරණය ගන්න පුළුවන් කියල මම විශ්වාස කරනවා.

maxresdefault (5)

ඔබේ නිර්මාණ බොහොමයක් හාස්‍යය ජනනය කරන නිර්මාණ. ඔබ මේ නිර්මාණ කාර්යයන් තුළ හාස්‍ය මතු කර ගැනීමට යොදා ගන්නෙ මොන වගේ උපක‍්‍රමයක් ද?

නළුවා විසින් ර`ගපාන චරිතය බොහො ම යථාර්ථවාදීව ඒ අවස්ථාවට ගැලපෙන විදිහට හැඩගැස්විය යුතුයි. ඒ අවස්ථාව මඟින් තමයි හාස්‍යය මතු විය යුත්තේ. එහෙ ම නැතුව නළුවාගේ රංගනය තුළින් හාස්‍යය මතු කිරීම මම අනුමත කරන්නෙ නැහැ. ‘සිකුරු හතේ’ සිනමා පටය ගැන හිතුවොත් එහි බොහෝ අය ස`දහන් කරපු අවස්ථාවක් තමයි මංගල ජය කපු මහත්තයා තමන්ගෙ ගෙදර හොයාගෙන යන සිද්ධිය. මේ සිද්ධිය ඇත්තටම මගේ යහළුවො කිහිප දෙනෙකුට සිදුවුණු දෙයක්. එතකොට රටේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් තමයි අපි හාස්‍යයට නඟපුවා ම දැනෙන දෙයක් වෙන්නෙ. එහෙම නැතුව මනඃකල්පිත වුණොත් බොහෝ වෙලාවට ඒක දැනෙන්නෙ නැහැ. එහෙ ම නම් මුළු චිත‍්‍රපටය ම මනඃකල්පිත වෙන්න ඕන. අපි හිතමු ශක‍්‍ර දෙවියොයි, යම රජ්ජුරුවොයි අතර ප‍්‍රශ්නයක් චිත‍්‍රපටයට නඟන්න යනව කියලා. ජීවිතයට දැකල නැහැනෙ ශක‍්‍රයා කොහොම ද යම රජ්ජුරුවො කොහොමද කියල. නමුත් මනඃකල්පිතව අපිට ඕන දෙයක් යොදා ගන්න පුළුවන්. හැබැයි අපි මේ ජීවත් වෙන මහ පොළවෙ සිද්ධි අර ගන්නකො. ඒවා මනඃකල්පිත වෙලා නළුනිළියො ද`ගලලා කරලා හාස්‍යය මතු කරන්න බැහැ. ඒ නිසා මම හිතනවා අවස්ථාව මඟින් හාස්‍ය උත්පාදනය කෙරෙන්න ඕන. දැන් කොමඩි නළුවො කියල බොහෝ අයව හ`දුන්වනව නෙ. මාවත් එහෙ ම හ`දුන්වනවා. නමුත්, මම නම් දකින්නෙ නෑ එහෙම කොමඩි නළුවො කියලා. අවස්ථාව යථාර්ථවාදී ලෙස නිරූපණය කරන්න පුළුවන් නම් ඕනෑම නළුවෙකුට අවස්ථාවේ හාස්‍යය මතු කර ගන්න පුළුවන්.

අවසන් වශයෙන් ඔබගෙන් අහන්න කැමැතියි ගිරිරාජ් කෞෂල්‍ය ඊළ`ගට කරන්න ලැහැස්ති වෙන්නෙ මොන වගේ නිර්මාණයක් ද යන වග ?

ඇත්තටම කිව්වොත් ‘සිකුරු හතෙන්’ පස්සෙ වෙනත් චිත‍්‍රපට නිර්මාණයක වැඩ පටන් ගත්තා. නමුත් ඒ අවධියේ දී තමයි එතුමා පාදක කරගෙන සුහද කොකා කරමු කියන යෝජනාව ආවෙ. ඊට පස්සෙ මම කරමින් හිටපු නිර්මාණය පොඞ්ඩක් පැත්තකින් තියල තමයි සුහද කොකා නිර්මාණය කළේ. මම සිදු කරමින් හිටපු නිර්මාණය තාම මට ඉවර කර ගන්න බැරි වුණා. මම හිතනවා ඒ චිත‍්‍රපටය වෙනස් විදිහක කතාවක් වේවි කියල. ඒ නිර්මාණයේ බොහෝ ම හො`ද අපූර්වත්වයක් තියේවි කියලත් මම හිතනවා.

[vsw id=”/I-QvqqmGMo4″ source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.