මාධ්‍ය ප්‍රහාර විමර්ශන යටපත්?

 

journalists-killed-

 

 

ඝාතනය ලක්වූ මාධ්‍යවේදින් වෙනුවෙන් වන්දි ගෙවීමට රජය පියවර ගන්නා බව රනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයා අද පාර්ලිමේන්තුවේදී කීවේය. අගමැතිවරයා කියා සිටියේ ඉකුත් කාලයේ දී මාධ්‍යවේදීන් 44 දෙනකු ඝාතනයට ලක්වූ බවයි.

අගමැතිවරයා මේ බව කියා සිටියේ අද පාර්ලමේන්තුවේ දී පාර්ලිමේන්තු ප්‍ර‍තිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක් වෙමිනි.

‘‘ පසුගිය කාලයේ ජනමාධ්‍යවේදීන් 44 දෙනකු ඉතා අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වුණා. මාධ්‍යවේදීන් ඝාතනය වන යුගය දැන් අවසන් කර තිබෙනවා. කලින් ඝාතනය වූ මාධ්‍යවේදීන්ට අපි වන්දි ලබා දෙනවා.

මෙහිදී  පැන  නගින ගැටලුව වන්නේ මාධ්‍යවේදීන් ට එල්ල වූ ප්‍රහාරසහ ඝාතන පිළිබඳව කුමක් සිදුවන්නේද යන්නයි.

මර්වින් සිල්වා

ඇතැම් සිදුවීම් පිළිබඳව පැහැදිලි සාක්ෂි තිබියදීත් මේ තාක් සැකකරුවන් අත්  අඩංගුවට ගැනීමට කරයුතු කොට නැත.

අමානුෂික ප්‍රහාරයකට ලක් වූ පොද්දල ජයන්ත මාධ්‍යවෙදියා   පලව හැරියේ තමන් බව මර්වින් සිල්වා ප්‍රකාශ කල අතර තමන් මේ පිළිබඳව විමර්ශනය කරගෙන  යන බව හිටපු

පොලිස් මධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ කියා සිටියේය.එහෙත් මේ වනතුරු සිදුවූ දෙයක් නොමැත.

ලසන්ත වික්‍රමතුංග මරා දැමුවේ කවුරුන්ද යන්න තම දන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ තමන්ට කියා සිටි බව ලසන්ත  ගේ සොයුරු ලාල් විසින් කීප වතාවක්ම පවසා ඇති අතර මාර්තු මාසයේදී මේ පිළිබඳව යලිත් විමර්ශන ආරම්භ කිරීම සඳහා කට උත්තරයක් ලබා දුන්නේය.

බොහෝ ප්‍රහාර පිටුපස එකල සිටි  හමුදා සහ ආණ්ඩු බලවේග ක්‍රියාත්මක වී ඇති බව ජාත්‍යන්තර සහ ජාතික ජනමධ්‍ය සංවිධාන  විසින් පෙන්වාදී ඇත.

ආණ්ඩුව සැබෑ ලෙසින්ම මාධ්‍ය නිදහස විශ්වාවශ කරන්නේ නම් විධිමත් සහ විශ්වසනීය ආකාරයකට මේ සියළු සිදුවීම් පිළිබඳව විමර්ශනයක් සිදු කල යුතු බව විදේශගතව

සිටින මාධ්‍යවේදීහු පෙන්වා දෙති.

 

 

අත  පය කැඩූ  හැටි මර්වින් ගෙන්

 

[vsw id=”/2HIIQsg0X4c” source=”youtube” width=”325″ height=”244″ autoplay=”no”]

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.