අගමැති රනිල් ලණුවක් ගීලී………….

Ranil 223අගමැති රනිල් වික්‍රමසිංහ වට කොට ගෙන සිටින උපදේශකයින්ගේ පෙළඹවීම මත අගමතිවරයා මාධ්‍ය නාලිකා සමඟ අනවශ්‍ය ආරවුලක පැටලෙමින් සිටී. ප්‍රධාන ආරවුල ඇත්තේ දෙරණ නාලිකාව සමඟයි.

ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ නිදහසට කරුණු දකවන සේ දෙරණට නියෝග කොට ඇතත් එවැනි නියෝග නිකුත් කිරීමේ බලයක් ඔහුට නොමැත. පසුගිය ඔක්තෝබර් මස 12 වනදා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයක දී ජනාධිපතිවරයා විසින් පවත්වන ලද කතාවේ හරය විකෘති වන ආකාරයට සංස්කරණය කොට එදින විකාශනය කළ බවට නැගෙනචෝදනාවට පදනමක් නැත. මන්දයත් එම මාධ්‍ය නාලිකවේ ප්‍රචාරය වන පුවත් තෝරා ගන්නේ අදාළ පුවත් සංස්කාරකවරුය.

ටොයිලට් පේපර්ස්‘

රනිල් වික්‍රමසිංහ මහතා ඩේලි ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත් හඳුන්වා දී තිබුණේ ‘ටොයිලට් පේපර්ස්‘ ලෙසිනි. දෙරණ රූපවාහිනී නාලිකාවට එරෙහිව ජනාමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් කරුණු දැක්වීම සදහා කාලයක් ලබාදී ඇත. අධිකරණ අමාත්‍යවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කරමින් ලංකා ඊ නිවුස් වෙබ් අඩවියත්, එහි කර්තෘවරයාත් දැඩිව විවේචනය කරනු ලැබීය.

මහින්ද රාජපක්ෂ

මේ අතර වාරේ වඩාත් හාස්‍ය ජනක කරුණ වන්නේතමන්ගේ ධුර කාලය තුළදී ජනමාධ්‍යවේදීන් අමානුෂික ප්‍රහාර වලටත් මරණයටත් ලක්වෙද්දී එය වැළැක්වීමට පියවර නොගත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මේ ආණ්ඩුව මාධ්‍ය මර්ධනය කරන් බව කියා සිටීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.