මාර්ග තදබදයට හලෝ විසඳුමක්

මාර්ග තදබදයක දී ළඟ පාත තිබෙන රථ වාහන සමග සන්නිවේදනය කර ගත හැකි ක්‍රමයක් තිබේනම් කොයි තරම් අපූරුද ?

ඇතැම් විට අඟලක් දකක් වාහනය ඉදිරියට ගැනීමෙන් පසු පසින් තිබෙන වාහනයට හැරවීම සඳහා ඉඩ පහසුව ලබා ගත හැකිය.

ඇමරිකාවේ නිව්යෝර්ක්, ටම්පා, ෆ්ලොරිඩා අත් හදාබැලෙන අලුත් තාක්ෂණයක් අනුව ළඟ තිබෙන වාහනයට කතා කල හැකි තාක්ෂණයක් අත් හදා බැලෙමින් පවතී.

how

සීමන්ස් සමාගම විසින් අත් හදා බලන මෙම තාක්ෂනය අනුව ට්‍රැෆික් ලයිට් වල බිද වැටීමක් ඇත්නම්, මාර්ග තදබදය අඩු අතුරු මාර්ග තිබේනම් ඒ ප්‍රදේශය තුල ගමන් කරන රියදුරන්ට ඒ බව දැන්වීමේ පහසුකම ඇති වේ.

එසේම ආබාධිතයෙක් මඟ හරහා ගමන් කරන්නේනම් රියදුරන්ට alert 1ක් ලැබේ.

මෙම සංඥා ක්‍රමය ඔස්සේ පොදු ගමනා ගමන සේවය ඔස්සේ ගමන් කරන මගීන්ටත් අවට රථ වාහන පරිසරය පිළිබඳව තොරතුරු ලබා ගත හැකිය.

කෙසේ වෙතත් ඇමරිකාවේ මෙම අත් හදා බැලීම් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ රියදුරන් මේ සම්බන්ධිත සන්නිවේදන ක්‍රමය භාවිතා කරමින් සිටිති.ඒ රථ වාහන පොලිස් නිලධාරීන් ඉදිරියෙන් සිටින බව දැන්වීමට විදුලි පහන් දල්වා සංඥා කිරීමෙනි.

how1

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.