මාවනැල්ල ආරවුලක්… ආරක්ෂක ආරංචිමාර්ග කියයි…

Janasatana25-1අද ( 29 ) මාවනැල්ල අවටදී බරපතල ගැටුම්කාරී තත්වයක් ඇතිවිය හැකි බව පොලිස් බුද්ධි අංශ අනතුරු හගවයි.

අද  මාවනැල්ල නගරය මුල් කරගෙන එක්සත් ජාතික පක්ෂ ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් සංවිධානය කර ඇත. ඒ සදහා විශාල පාක්ෂිකයන් ප්‍රමාණයක් ගෙන්වීමට ඔවුන් කටයුතු යොදා තිබේ.

ඒ සමගම ජනාධිපතිවරයා හා අගමැතිවරයා සහභාගීවන ප්‍රධාන උත්සව මාලාවක් ද සංවිධානය වී ඇත.  මේ අතර මාවනැල්ල නගරය ජන සටන පාද යාත්‍රාවට  තහනම් කලාපයක් බවට පත්ව  තිබේ. ඔවුන්ට නගර මධ්‍යෙයන් ගමන් කළ නොහැකිය. එබැවින් මේ පිරිස නගරය අත්හැර පටු මාවතක් දිගේ නරග සීමාවෙන් ඔබ්බට යා යුතුය. දෙපාර්ශවයම ගැටුමක් සදහා පූර්ව සූදානමකින් සිටින බව වාර්තා වේ.

ශ්‍රීලනිප මහින්ද පාර්ශවය හා එජපා  හා ශ්‍රීලනිප මෛත්‍රී කණ්ඩායමේ පිරිස් මේ උනුසුම්කාරී තත්වය රටේ නිර්මාණය කරන විට විපක්ෂ නායක ආර්.සම්පන්දන්ගේ ටීඑන්ඒ පක්ෂය, මුස්ලිම් කොන්ග්‍රසය ඇතුළු   දේශපාලන සංවිධාන ඊට සහභාගී නොවී, ක්‍රියාකාරී මටට්ටමට නොයා සිදුවන දේ බලාගෙන සිටති.

මේ දෙපාර්ශවය නිර්මාණය කර ඇති තත්වය තුළ ආරක්ෂාව සැපයීම ප්‍රායෝගිකව ඉතා අසීරු තතත්වයක් බව පෙනෙන්ට ඇතැයි පැවසේ. ඔවුන් වාර්තා කරන්නෙ ගැටුමක් ඇතිකර නොගෙන අද දවස ගෙවා ගත  හැකි නම් ඒ රටේ වාසනාවක් බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.