මැඩම් නිහඬයි-අන්තවාදය රජයයි…………..

chandrika-kumaratungaසුළු ජාතීන් සහ ආගම් වලට එරෙහිව ඇතැම් පිරිස් කරගෙන යන ප්‍රචණ්ඩ ක්‍රියා හමුවේ ජාතික සංහිඳියාව පිලිබඳ කර්යාංශය කුමක් කරන්නේදැයි www.lankanewsline.com විමසු විට එහි ප්‍රධාන විධායකයා ගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා සිටියේ තමන් මේ පිළිබඳව මැඩම් දැනුවත් කොට ප්‍රකාශයක් නිකුත් කරවා ගත යුතු බවයි.

මෙම කර්යාංශය හිටපු ජනාධිපතිනිය ගේ ප්‍රධානත්වයෙන් මහජන අරමුදලින් ක්‍රියාත්මක වෙන ආයතනයකි. නීතියේ ආධිපත්‍ය රැකෙන්නේ නැති අවස්ථාවක ජාතික සංහිඳියාව පිළිබඳව කවි සිංදු කියමින් සිටීම ප්‍රමාණවත් නොවන බව පැවසු විට ප්‍රධාන විධායකයා කියා සිටියේ අන්තවාදීන් හැම තැනම සිටින බවයි. මෙම කාර්යාංශය මගින් කලාකරුවන් කීප දෙනෙකුටම සංහිඳියාව ඇති කිරීම සඳහා මුදල් ලබා දී ඇත. පොලිස් කොමිසම ඔව් කියයි.

මේ අතර වාරේ බෞද්ධ භික්ෂුන්වහන්සේලා විසින් නොනවත්වාම සිදු කරගෙන යනු ලබන ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් හමුවේ නීතිය ක්‍රියාත්මක නොකොට පොලිසිය සහ රජය විසින් මුනිවත රකිමින් එකී ක්‍රියාවන්ට අනුබල දෙන ලෙස හැසිරීමට විරෝධය දක්වා පුරවැසියන් 367 දෙනෙකුගේ අත්සන් සහිතව පොලිස්පතිවරයාට යොමුකර ඇති ලිපියේ කරුණු සියල්ල පිළිගන්නා බව පොලිස් කොමිසමේ සභාපති සිරි හෙට්ටිගේ මහතා පිළිගනී. නීතියේ ඉදිරියේ සමානාත්මතාවය යන මුලික සිද්ධාන්තය යටතේ අන්තවාදී ක්‍රියා වල නිරත වන සෑම අයෙක්ටම බෞද්ධ භික්ෂුන් ඇතුළුව නීතිය ඒකාකාරව ක්‍රියාත්ම කිරීම සඳහා යෝජනා කීපයක් ඉදිරිපත් කොට තිබේ.

(1) 2016 නොවැම්බර් මස 15 වන දින සිදු කරන ලද ජාති හා ආගම් අතර ප්‍රචණ්ඩත්වය අවුළුවන සුළු ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධයෙන් වහාම ඥානසාර හිමියන් අත් අඩංගුවට ගත යුතුය. ඥානසාර හිමියන්ගේ මෙම ක්‍රියාව පිළිබඳව අවශ්‍ය තරම් සියලු තොරතුරු පොදු මාධ්‍ය තුල දක්නට ඇත. එසේම මේ වන විටත් එම හිමියන් විසින් අලුත්ගම සිද්ධිය නැවත කිරීමට යාම සම්බන්ධයෙන් 2016 ජුනි මස කල ප්‍රකාශයට එරෙහිව නීතිමය කටයුතු ආරම්භ වී ඇත.

(2) මඩකලපුව මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමංගල හිමියන් විසින් සිදු කල ජාති වාදය පදනම් කරගත් හිංසනය සහ නීතිය උල්ලංඝනය කිරීම් වලට එරෙහිව එම හිමියන් වහාම අත් අඩංගුවට ගත යුතුය. එම ක්‍රියාවන් සඳහා ඉහත සපයා ඇති වීඩියෝ දර්ශන ප්‍රමාණවත් තරම් සාක්ෂි සපයයි.

(3) අනෙක් සියලු අන්තවාදී කණ්ඩායම් අත් අඩංගුවට ගෙන ඔවුන්ගේ ක්‍රියාවන් පිළිබඳව විමර්ශන පවත්වා නීතිය ක්‍රියාත්මක කල යුතුය.

(4) ඥානසාර හිමියන් විසින් අලුත්ගම සිද්ධිය නැවත සිදු කිරීම සම්බන්ධයෙන් සිදු කල ප්‍රකාශය සම්බන්ධව මුස්ලිම් කවුන්සිලය සිදු කල පැමිණිල්ල සම්බන්ධයෙන් ගෙන ඇති නීතිමය පියවර පිළිබඳව මහජනතාව දැනුවත් කල යුතුය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.