මැර කල්ලි නිසා යාපනයේ වැසියන් දැඩි ලෙස බිය පත්වෙලා………….

mobster”ආවා ගෲප් ” පමණක් නොව යාපනයේ තවත් කල්ලි ගණනාවක්ම මේ දිනවල ක්‍රියාත්මක වී සිටින බැවින් යාපනයේ ජනතාව දැඩි ලෙස බියට පත්ව සිටින බව උතුරු පළාත් සභාවේ සභාපති සී.වී.කේ. ශිවඥාණම් පැවසීය. මංකොල්ලකෑම්බි, බියවැද්දීම්, තර්ජනය කිරීම් හා විවිධ අන්දමේ බලපෑම් මෙම කල්ලි විසින් සිදු කරණ බවද සභාපතිවරයා කියා සිටියා.

ජනතාව මේ පිළිබදව පොලීසියට පැමිණිලි කරණ අතර තුර පොලීසියද එම පැමිණිලි විභාග කරණ නමුත් සැකකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි වී ඇතැයිද ඔහු පැවසීය.

මේ පිළිබදව තමන් පොලීසියෙන් විමසූවිට පොලීසිය පැවසුවේ මහජනතාවගෙන් ලැබෙන සහය ප්‍රමාණවත් නොවන නිසා සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසියට නොහැකි බව යැයිද සභාපතිවරයා සදහන් කළේය.
බලයක් ඇති පොලීසියට සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට නොහකිනම් තර්ජනයන් ඇති යාපනයේ අහිංසක වැසියන් සැකකරුවන් පිළිබද තොරතුරු හෙළි කිරීම අති භයානක සිද්ධියක් ලෙස උතුරු පළාත් සභාපතිවරයා හදුන්වනු ලැබුවා.
කෙසේ වෙතත් මේ වන විට යාපනයේ සියළුම පළාත්වල වැසියන් දැඩිලෙස බියට පත්ව සිටින බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.