මිනී මරන පොලිසියට එරෙහිව හෙට උතුරු පළාතේ හර්තාල්

M. K. Sivajilingamදිනසේන රතුගමගේ
විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනා වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය පලකිරීම පිණිස හෙට (25 වෙනිදා) උතුරු පළාත තුල හර්තාල් ව්‍යාපාරයක් දියත් කිරීමට තීරණය කොට ඇතැයි උතුරු පළාත් සභාවෙ එම්. කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා පැවසීය.

මෙම තීරණය ගෙන ඇත්තේ ඊයේ (23 දා) යාපනයේදී දෙමළ දේශපාලන පක්ෂ 5ක් එකතු වී ගත් තීරණයක් මත යැයිද මන්ත්‍රීවරයා පැවසීය.

උතුරු නැගෙනහිර පළාත් තුළ රාජ්ය ත්රස්තවාදයක් ක්රියාත්මක වන බැවින් ඊට විරෝධය පලකිරීම පිණිසත් ජාත්යන්තර ප්රජාවට මේ තත්ත්වය පෙන්වා දීම පිණිසත් මෙම හර්තාල් ව්යාපාරය දියත් කරණ බවද ශිවාජිලිං මන්ත්‍රීවරයා කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.