මීයන් අල්ලා සල්ලි හොයන්න

96586ලෝකේ හැමෝටම ජීවත් වෙන්න අහාර පාන නිවාස ඇදුම් අවශ්‍ය වෙනවනේ. ඉතින් මේ හැමදේටම මුදල් උවමනා වෙනවා මුදල් හොයන්නනම් රැකියාවක් ඕනේ වෙනවා. එහෙම රැකියා හොයන අතරේ එක මීයෙක් අල්ලලා ඩොලර් 3ක් උපයන්න ලැබුනොත් මොකද හිතෙන්නේ

විහිළුවක් නෙමේ ඔබට පකිස්තානයේ පෙෂාවර් නගරට ගියොත් ඔබ අල්ලන එක මීයෙක් වෙනුවෙන් ඩොලර් 3ක් ගෙවන්න පෙෂාවර් ප්‍රාදේශීය රජය සූදානම්.

ඒ එම නගරයේ හමුදා කදවුරු ආසන්නයේදී අල්ලාගන්නා මීයන් සදහායි. නගරය ආශ්‍රිතව මීයන් දෙදෙනෙක් අල්ලන ඔබට ඩොලරයක් උපයාගන්න හැකි වේවි.

මේ තරම් මුදල් ගෙවල මීයන් අල්ලන්න වෙලා තියෙන්නේ ඒ තරමටම මී උවදුර පෙෂාවර් නගරයට බලපාල නිසාලු.

BBC පුවත් සේවය පවසන විදියට දැනටමත් මීයෙක් සපා කාම නිසා කුඩා බිලිඳියක් මරණයටත් පත් වෙලා.

මේ මීයෝ පූසන්ටවත් අල්ලන්න බැරි තරම් ලොකුයි කියලයි වැඩි දුර වාර්තා සඳහන් කරන්නේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.