මීළඟ යුධ හමුදාපති ජගත් ඩයස්?

Jagath_Diasඊලඟ යුද හමුදාපති ධූරයට මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා සුදුසු බවට සාකච්ඡා මට්ටමින් පවතින බව වාර්තාවේ.

අවසන් මානුෂිය මෙහෙයුමේදී විශාල කාර්යභාරයක් සිදු කළ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා ඊලඟ හමුදාපති ධූරයට පත් කිරීම සුදුසු බවට යුද හමුදාවේ ඉහළ නිලධාරීන්ගේද කැමැත්ත පළ වී ඇතැයි වාර්තාවේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා මට්ටමින් පවතින බව වාර්තා වේ.

1980 වර්ෂයේදී ශ්‍රී ලංකා යුද හමුදාවට සම්බන්ධවූ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා 1982 වර්ෂයේදී පලමුවන විජයබාහු පාබළ රෙජිමේන්තුවේ 2/ලුතිතන් වරයෙකු ලෙස අධිකාරියට පත් කරනු ලැබීය. අනතුරුව ඒ මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා රෙජිමේන්තුවට සම්බන්ධ විය.

අවුරුදු 35කට අධික කාලයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කළ මේජර් ජෙනරාල් ජගත් ඩයස් මහතා මේවන විට ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරේ කටයුතු කරයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.