මුදල් ඇමති සේල්ස් රේප් කෙනෙක්ද?…………..

Ravi Karunanayakeදුරකථන වෙනුවට අන්තර්ජාලය ඔස්සේ වයිබර්, වට්ස් ඇප්, ෆේස්බුක් ආදියෙන් ඇමතුම් ලබාගන්නා බැවින් ටෙලි කමියුනිකේෂන් සමාගම්වලට පාඩුවක් සිදුවන බවත්, ඒ අනුව එකී පාඩුව යම්තාක් දුරට සමතුලිත කිරීමට කිරීමට අන්තර්ජාල සේවා ගාස්තුව ඉහළදැමීමට සිදුවූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

ඇත්ත වශයෙන්ම අන්තර් ජාලය ඔස්සේ දුරකථන පණිවිඩ හුවමාරු වන්නේ නම් එය තාක්ෂණයේ ජයග්‍රහනයකි. එම ජයග්‍රහණයේ වාසිය ලැබිය යුත්තේ ජනතාවයි. අද (24) පැවති මාධ්‍ය හමුවකදී ඔහු එබව සඳහන් කලේ, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉදිරි ගමනක් යා යුතු බවට අග්‍රාමාත්‍යවරයා විසින් පවසද්දී අන්තර්ජාල සේවා ගාස්තු ඉහළදැමීම සිදුවන්නේ මන්දැයි මාධ්‍යවේදියෙකු කල විමසීමකදීය.

මෙසේ ගාස්තු වැඩිකිරීම හරහා ටෙලිකමියුනිකේෂන් සමගාම්වලට මෙන්ම රජයට යම් ආදායමක් එකතුවන බව හෙතෙම තහවුරු කළේය. මෙයින් පෙනී යන්නේ මුදල් ඇමතිවරයා දැවැන්ත ලාභ ලබන දුරකථන සමාගම් වෙනුවෙන් පෙනී සිටින බවයි. ජංගම දුරකථනවල සිම් කාඩ්පත් ලියාපදිංචි කිරීම සඳහා ද රු.250ක් දක්වා මුදලක් අයකර ගැනීමට තීරණය කරනු ලැබුවේ දුරකථන මගින් ඇතිවන අනවශ්‍ය ගැටළු රැසක් මගහරවා ගැනීමට බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.