මේ අහිමි කරන්නේ දරුවෙකුගේ හෙට දවස නොවේද?

12801170_1037181809654329_8099125780472217223_nHIV අසාදිත දරුවෙක් බව පවසමින් පාසලෙන් ඉවත් කෙරුණු දරුවෙකු පිලිබඳ අපුල කතාවක් පසුගිය දින කිහිපයේදී අපට අසන්නට ලැබුණි.

කුලියාපිටියේ එක්තරා පාසලකට මෙම දරුවා ඇතුලත් කිරීමට විරුද්ධව එම පාසලේ අනෙකුත් දරුවන්ගේ දෙමව්පියන් තම දරුවා පාසලට නොයැවීමට කටයුතු කළහ. බල ධාරීන් සති දෙකක් ඇතුලත පාසලක් ලබා දෙන බව පැවසුවත් මේ කෙටි කාලය තුල පියා අහිමි දරුවෙකුට හා මවකට ඇති වූ චිත්ත පීඩාවට වගකියන්නේ කවරහුද?

_88548731_boy

HIV හෝ ඒඩ්ස් හුලගින් හෝ ස්පර්ශයෙන් බෝවන රෝගයක් නොවන බව අප හොදින් දනිමු. කුලියාපිටියේ අම්මල තාත්තලා ද එය නොදන්නා බව සිතිය නොහැකිය. අනිත් හොදම කතාවනම් දරුවට HIV ආසාධනය වී නොමැති බව වෛද්‍ය වාර්ථා සාක්ෂි දැරීමයි.

බුදු පියාණන් අසරණයන්ට පිහිට වීම ක්‍රීයාවෙන් ඔප්පු ක්ලේය. ජේසු තුමන් අසල්වැසියාට ප්‍රේම කලේය. හිස් මුදුනින් ආගම අදහන අපේ මිනිසුන් වරදක් නොකළ අසරණයෙකු නිකරුනේ අපරාධකරුවෙකු සේ හංවඩු ගසා ඇත.

හයක් හතරක් නොතේරෙන මේ දරුවා HIV යනු කුමක්දයිවත් නොදැන සමාජයෙන් විදවමින් සිටී. හෙට දවසේ සමාජයට වෛර කරනා දරුවෙකු බිහි නොකිරීම වගකීම  ඇත්තේ සමාජයටම බව සමාජය තේරුම් ගත යුතුය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.