මේ නිදහස් පක්ෂයේ අවසානයද ?

මේ නිදහස් පක්ෂයේ අවසානයද ?mahinda-with-maithripala-sirisena

මෙරට ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන් අතර ඉදිරියෙන්ම සිටින දේශපාලන පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදුන්වා දිය හැකිය. එක්සත් ජාතික පක්ෂ රජයේ ඇමතිවරයෙකු වූ එස්. ඩබ්. ආර්.  ඩී. බණ්ඩාරනායක මහතා එ.ජා.ප. රජයෙන් ඉවත්ව විපක්ෂයේ වාදී වීමෙන් පසුව 1951 සැප්තැම්බර් 02 වෙනිදා ආරම්භ කරන ලද මෙම පක්ෂය එදා සිට අද දක්වා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙන් එකක් ලෙස ක්‍රියා කරනු ලබයි.

එහෙත් ජනවාරි 08න් පසු තත්වය බොහෝ වෙනස් වී තිබේ. පක්ෂයේ හිටපු මහලේකම්වරයා පක්ෂයේ සභාපතිවරයාට විරුද්ධව ජනාධිපතිවරණයට තරගකොට ජයග්‍රහණය කළේය. අනතුරුව ඔහුට හිතවත් පිරසගේ උපකාරයෙන් පක්ෂයේ සභාපතිත්වයට පත් විය. හරි වේවා වැරදි වේවා බිම් මට්ටමේ සමාජිකයා එයට එතරම් කැමති වුයේ නැති බවනම් පෙනිණි.

අනතුරුව එළඹියේ මහා මැතිවරණයයි. පරද වී ගෙදර ගිය හිටපු ජනපතිවරයා නිදැහස පක්ෂයේ ඇතැම් සාමාජිකයන් හා සන්ධානය වට හිටි වමේ පක්ෂ වල කර මතින් නැවත කරලියට පිවිසි අතර ඒ තුල මැතිවරණය බලාපොරොත්තු නොවූ අයුරින් නැවත උණුසුම් විය. පක්ෂයට විරුද්ධව තරග කොට නැවත පක්ෂයේ සභාපතිකම ලබා ගත් ජනාධිපතිවරයාට නිදහස් පක්ෂ මැතිවරණ සටන මෙහෙයවිය නොහැකි බව බොහෝ අයගේ මතය විය ඒ අනුව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නැවත මහා මැතිවරණයට තරග කරන ලදී. පක්ෂයේ සභාපතිවරයාට පක්ෂය දිනවීමේ හකවිසියක්වත් නැති බව පාක්ෂිකයාට දැනී තිබිණි. ඒ අනුව ඔවුන් යම් තීරණයක් ගෙන තිබිණි ඒ සභාපතිවරයාට හිතැති අපේක්ෂකයන් පාර්ලිමේන්තු නොයවා සිටින්නටය.  ඔවුහු  මැතිවරණයදා හරියටම තමන්ගේ වගකීම ඉටු කළහ. ප්‍රබලයෝ බොහෝ දෙනෙක් ගෙදර යැවීමට මහා ජන චන්දයට හැකිවිය.

එහෙත් මහජන මතය ජය ගත්තේ නැත. පැරදුණු අපේක්ෂකයෝ පස්ස දොරින් පාර්ලිමේන්තුවට ගොඩ විය. ජනයා තුල යම් පැහැදීමක් ඉතුරු වී තිබුණිද එයද නිදහස් පක්ෂයෙන් ගිලිහෙන්නට වැඩි කාලයක් ගත වුයේ නැත.

ඒ තුලින් ඇති අහිතකරම බලපෑම වන්නේ මිනිසුන් පුද්ගලයෙක් වටා ඒකරාශී වීමය. එය එතරම් අනාගතයට සුබ නැත. මහින්ද සුක්ෂමය ඔහු මාධ්‍ය භාවිතා කරමින් ජනතාවගේ මනස තුල තම වෙනුවෙන් ඉඩක් වෙන් කරගන තිබුණි. එම ජනතාවට දැන් පක්ෂයකින් වැඩක් නැත ඔවුන් මහින්ද වටා රොක්වෙමින් සිටී. නිදහස් පක්ෂයෙන් මහින්ද එනවනම් මහින්දටවත් චන්දය නොදෙන බව පවසන බිම් මට්ටමේ සාමාජිකයෝද සිටිති, ඒ අතර අලුත් පක්ෂයක කසු කුසුවක්ද යයි. නව සංසදයක් ගැනද කතා වෙයි. පක්ෂයේ ප්‍රබලයෝ කිහිපදෙනෙක් මුනිවත රකින අතර අතමෙක්ගේ අදහස් නිසා ඉතිරි වී සිටින පාක්ෂිකයාද නිදහස් පක්ෂය පිලිබඳ විශ්වාසය අතහරගනිමින් සිටී.

පක්ෂයේ සභාපතිවරයා මේ පිළිබද සරලව සිතීමෙන් වන්නේ පක්ෂය ඉදිරියේදී තවත් අගාධයට යාමයි. පක්ෂයට ජනාධිපති සෙවන තිබුනද පාක්ෂිකයන් බොහෝ පිරිසක් එම නායකත්වය පිලි නොගන්න බව පැහැදිලිවම දක්නට ලැබෙන මොහොතක ජනාධිපති සිරිසේන මහතාට වන්නේද විජයානන්ද දහනායක මහතාට මෙන් පක්ෂයෙන් ඉතා සුළු පිරිසක් සමග පක්ෂයේ රැදෙන්නට හෝ වෙනත් පක්ෂයක නිර්මාණය කරගැනීමටය.

මහින්ද රාජපක්ෂ හිටපු සභාපතිවරයා පක්ෂය රකින්නටයි කියා මහා මැතිවරණයේදී නිදහස් පක්ෂයෙන් තරග කර ඉගෙන ගත පාඩම් අනුව ඉදිරියේදී බොහෝ දුරට තරග කිරීමට ඉඩ තිබේ.

කෙසේ වෙතත් මීට පෙර අවස්ථා වලදීත් පාර්ලිමේන්තු අසන 8 පල්ලම් බසත් නැවත ඉදිරියට ආ නිදහස් පක්ෂය වමේ පෙරමුණක් ලෙස දේශපාලන භූමිකාව තුල ඉදිරියත් රදෙන්නටනම් පාක්ෂිකය මෙන්ම පක්ෂ නායකයන්ද අවබෝධයෙන් යුතුව ක්‍රියා කල යුතුය.

එසේ නොවන්නේනම මේ නිසැකවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන දේශපාලන ප්‍රවයෙන් ගැලවී යාමට බොහො දුරට ඉඩ ඇති අවස්ථාවකි. තමා පිලිබඳ අධි තක්සේරුවෙන් සිටීමෙන් සිදු වන්නේ මහින්ද රාජපක්ෂට මුහුණ දෙන්නට සිදු වූ අවසානයට  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද මුහුණ දීමට සිදු වීමයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.