මෛත්‍රි ගේ පත්තර කසළ පිටු කථාවට මධ්‍ය ප්‍රතිචාර……………

President Maithripala Sirisenaපුවත්පත රටක අනාගතය ගොඩනැඟීමේ තීරණාත්මක සාධකයක් වුවත් වර්තමානයේ අපේ රටේ පුවත්පත්වල මුල් පිටුව රට නැති කරන පිටුව බවට පත්ව ඇතැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (22) කළ ප්‍රකාශ යට මාධ්‍ය වේදීන් සැර ප්‍රතිචාර දක්වමින් සිටිති..

අපේ රටේ පුවත්පත්වල මුල් පිටුව සරසන්නේ ස්ත්‍රී දූෂණ, මිනීමැරම්, මංකොල්ලෑකෑම්, දේශපාලන ගැටුම් වැනි කසළ ගොඩවලින් බව ද ජනාධිපතිවරයා කියා සිටී.

ආණ්ඩුවේ පත්තර හා සෙසු මාධ්‍ය ගෙන්නක් තිබියදී ඒ හරහා සැබෑ වෙනසක් නොකර සෙසු මාධ්‍යට කකුළු නියායෙන් ටියුෂන් සැපීම පිළිගත නොහැකි බව මාධ්‍යවේදීන් පෙන්වා දෙති.
.

මාධ්‍ය ප්‍රතිපත්ති රාමුවක්

ජනාධිපතිවරයා බත්තරමුල්ල වෝටර්ස්‌ එඡ් හෝටලයේදී ඊයේ සවස පැවැති තාක්‍ෂණ හා විද්‍යාත්මක ප්‍රකාශන සඳහා ජනාධිපති සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගි වෙමින් රටේ පුවත්පත්වල මුල් පිටුවල දරුවන්ට රාජ්‍ය නිලධාරීන් හෝ පොදු මහජනතාවට අවශ්‍ය දෙයක්‌ පළවන්නේ නැති බව යි. මේ සියළු කරුණු ඉටු කරගත හැකි මාධ්‍ය ප්‍රතිපත්ති රාමුවක් සකස් කොට ජනා මාධ්‍ය අමාත්‍යංශයට විද්වත් කමිටුවක් මගින් භාර දී ඇතත් කිසිවක් සිදුවන් බවක් පෙනෙන්ට නැත.

රටක්‌ ගොඩනැගීමේ කාර්යයේදී මාධ්‍යයට ඇති වගකීම සුළු පටු කාරණයක්‌ නොවන බවත් එහෙත් අප රටේ මාධ්‍යයට ආණ්‌ඩු පෙරලන්න ආණ්‌ඩු අප්‍රසාදයට පත් කරන්නට දේශපාලනඥයින් හදන්න දේශපාලඥයින් බලයෙන් ඉවත් කරන්නට අවශ්‍ය වී ඇතැයිද ජනාධිපතිවරයා කීවේය. මේ පිළිබඳව අදහස් දැක්වූ මාධ්‍යවෙදියක් කියා සිටියේ ජනවාරි අට වෙනිදා මාධ්‍ය සහය ජනධිපතිවරයාට නොලැබුනා නම් සිදුවන්නට තිබුණු දේ පිළිබඳව ජනාධිපතිවරයාම ප්‍රකාශ කොට ඇති හෙයින් ඒ පිළිබඳව කථා
කිරීම පිළිබඳව පලක් නැති බවයි. ජනාධිපතිවරයා ජනාධිපතවරණයට ‘ඉදිරිපත්වෙමින් කියා සිටියේ ‘ වැඬේ ගැස්සිලා ගියොත් මටත් වෙන්නේ අඩි හයක් යට පොළොවේ වැළලෙන්නට’ බව යි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.