මෛත්‍රි මන්ද මේ තරම් පියාසර?

WIJEDASAEE

 

 

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නිල සංචාරයක් සඳහා ඉතාලියට සහ වතිකානු රාජ්‍යය බලා අද (13) පෙරවරුවේ පිටත්ව ගියේය.

රාජ්‍ය වියදම් අඩු කිරීම ගැන කතා කරමින්  ජනධිපතිවරයා දිගින් දිගටම විදේශ සංචාර වල නිරත වන බවක් පෙනෙන්ට තිබේ .

ජනාධිපතිවරයාගේ ගමනේ රාජ්‍ය තාන්ත්‍රික වැදගත් කමක් ගැන දැනගන්නට නැත.

DHAM01

ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැකීමයි

ජනාධිපති පදවියට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පාප් වහන්සේ බැහැ දකින දෙවන අවස්ථාව මෙයයි.

DHAM UNYY

කාර්ය බහුල  අඩු මිළ සංචාරකයා

බලයට පත්වීමෙන් පසු  මෛත්‍රිපාල සිරිසේන ජනධිපතිවරයා ඉන්දියාවට, චීනයට, ජපානයට, ඉන්දුනීසියාවට, බ්‍රිතානයට ,ඇමරිකාවට,මොල්ටවට. සහ ප්‍රංශයට  ගොස් ඇත.

බොහෝ ගමන් වාර වලදී සිරිසේන ජනධිපතිවරයා සාමන්‍ය හෝටල් වල නතර වන බවත්, රජපක්ෂ ජනාධිපතිවරයාට වඩා බෙහෙවින් අඩු පිරිසක් නඩය හැටියට ගෙනියන බවත්, ජනධිපතිවරයා සාමාන්‍ය මගී ගුවන් යානයක ගමන් කරන හෙයින් මේ සංචාර බෙහෙවින්ම මිල අඩු ඒවා බව හුවා  දක්වන පුවත් ආණ්ඩුවට සමීප ආරංචි මාර්ග වලින් ප්‍රචලිත  කරන  ලදී .

ජනධිපතිවරයා එක්සත් ජාතීන් ගේ සැසිවාරයට පුතු වන දහම් විමලසේන සමඟ සහභාගි වූ අතර මේ පිලිබඳව ප්‍රශ්න පන් නැගුන විට දහම් කියාසිටියේ තම මවට මේ ගමනට සභාගි වීමට නොහැකිවූ බැවින් තමන් ගමනට එක්වූ බවයි.

 

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.