මෛත්‍රීට මඩ ප්‍රචාර වලට මුහුණ දීමේ සම්මානයක්

 

 

12313667_10153671142041327_1723017365661520552_n

 

යුනෙස්කෝ සංවිධානයේ 70 වන සංවත්සරය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ජනරාල් අයිරිනා බොකෝවා මහත්මිය විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත රිදී පදක්කමක් පිරිනැමිය.

 

එම උත්සවය පසුගිය නොවැම්බර් 29 දා ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයේදී පැවැත්විණි.

මේ පුවත සහිත ඡයාරූප ය සහ පුවත මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ෆේස් බුක් වෙබ් අඩවියේ පළවූ විට මේ පිළබඳව එක කළ ප්‍රතිචාර අතරට මෙයද එක්විය.

 

‘පච කෙලල බොරැ කියල මිනිස්සු රවට්ටල ජනාධිපති වෙච්ච එකට වෙන්නැති පදක්කම.’

වැදගත් කාරණය නම් මේ ෆේස් බුක් සදහන එහි තිබෙන්නට හැරීමයි. ඊටත් වඩා වැදගත් වන්නේ මේ සටහන තැබූ පුද්ගලයා හොයා ගෙන් එම සඳහා රහස් පොලීසිය පිටත් කොට නොයැවීමයි.මෙවැනි බෝභෝ සතන් තබන්නන් එසේ කරන්නේ බොරු නම් වලිනි.

සමහරු දකින්නේ ජනධිපතිවරයා ගේ ජනප්‍රිය බව ක්‍රමයෙන් හීන වනබවය.මෙය ඇත්තක් විය හැකිය.මන්දයත් ජනප්‍රිය බව යනු සාපේක්ෂ තත්වයක් වන බැවිනී.

විරෝධය තාප්පයයේ

ජේ අර ජයවර්ධන සමයේ ඔහුට විරුද්ධව  ලියන්නට තැනක් නැති වූ හෙයින් තමන්ගේ  විරෝධය තාප්පයයේ  ලියු පානදුර මන්ත්‍රී නෙවිල් ප්‍රනාන්දුට ආසනය මෙන්ම එක්සත් ජාතික පක්ෂ දේශපාලනයද තහනම් විය.

ප්‍රේමදාස සමයේ ‘මේ කවුද මොකද කරන්නනේ නාට්‍යයේ නිෂ්පාදකයා අතුරුදහන් විය.

රාජපක්ෂ සමයේ ආණ්ඩුව ප්‍රශ්න කල මාධ්‍යවේදීන් ගෙන් සමහර දෙනෙක්  පොළවෙන් අඩි  හයක් පහලය,තවත් අය අතුරුදහන්ය තවත් අය නොරටය.

අදහස් ප්‍රකාශනය පිළිබඳව එහෙව් ගමනක් පැමිණි රටක ජනාධිපතිවරයා කෙළින්ම ඔහුගේ සමාජ මාධ්‍ය ජලය ඔස්සේ දෝෂාරෝපණයට ලක් කල හැකි නම් එය සැබෑ වෙනසකි .

මෙය වල් බුරු නිදහසක් කරගැනීමෙන් කාටවත් පලක් නොවන නමුත්  මෙය සැබෑ සංවාද මණ්ඩපයක් කරගත් හැකිය.

අතර මැදියන් ගෙන් තොරව ජනාධිපතිතුමන් රටවැසියන් හා චැට්  එකකට සෙට් වන්නේ නම් එතැන සැබෑ සංවාදයක් සිදුවෙනු ඇත.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.