මෛත්‍රීව ඇන්දුවේ පත්තර කාරයෙක්… සම්බන්ධීකරණ ලේකම් වරයෙකුත් හවුල්…

maithripala-sirisenaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් එෆ්.සි.අයි.ඩි ය, සී.අයි.ඩි ය සහ අල්ලස් කොමිසම විවේචනය කිරිමට ප්‍රධාන වශයෙන් මුලික වී ඇත්තේ ජාතික පුවත් පතක මාධ්‍යවේදියෙකු සහ ජනාධිපති සම්බන්ධිකරණ ලේකම්වරයෙකු ලබා දුන් වැරදි තොරතුරු බව මේ වන විට හෙළි දරව් වී තිබේ.

ජනාධිපතිවරයාගේ පුත්‍රයා රාත්‍රි සමාජ ශාලාවක ගැටුමකට සම්බන්ධ වූ බවට සමාජ වෙබ් අඩෙවි මගින් ගෙන ගිය ප්‍රචාරයට එක්සත් ජාතික පක්ෂය මෙන්ම එහි නායකයා ද සම්බන්ධ බව මේ ජනාධිපතිවරයා සමග තායිලන්ත සංචාරයට සහභාගී වූ මාධ්‍යෙව්දියා පුන පුනා ප්‍රකාශ කර තිබේ. ලංකාවට පැමිණි පසු සම්බන්ධිකරණ ලේකම්වරයාත් මේ බව තහවුරු කර තිබේ. ඊට පෙර සතිවලදි පොලිසිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දුන් නියෝග පොලිසිය පිළිගෙන තිබුණේ නැත. ඊටත් හේතු වී ඇත්තේ අගමැතිවරයාගේ මේ මැදිහත් වීම බව පවසා තිබේ. එසේම මේ දෙදෙනා විසින් ජනාධිපතිවරයා ප්‍රකාශය කිරිමට මත්තෙන් සිය හිත මිතුරන්ට කතා කරමින් ජනාධිපතිවරයා අද රිදෙන්න කතාවක් කරනා බවය.
කෙසේ නමුත් ඊයේ ( 13) දා දිනය පුරා පැවැති සාකච්ඡාවලින් පසුව තත්ත්වය සමතයකට පත් ව ඇති බව ද දැන ගන්නට තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.