මෛත්‍රී අතේ රහස් වාර්තා

my33පසුගිය දා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතා රහසිගත රැස්වීමක් කැඳවීය.රැස්වීමට කැඳවා තිබුනේ ඉතා විශ්වාසවන්ත කිහිපදෙනෙක් බව Ceylon Today පුවත්පත වාර්තා කරයි.

බුද්ධි අංශ විසින් සම්පාදනය කොට තිබු ටහස්ය වාර්තාවලින් කියවුනේ නීතියේ හස්තය තමන් කරා ක්‍රමයෙන් ලඟා වෙද්දී රාජපක්ෂ පවුල ඊට ප්‍රතිචාර දැක්වීමට සුදානම් වෙන ආකාරයයි.

මේ සම්බන්ධයෙන් කෙරුණු හෙළිදරව්වෙන් අනතුරුව ගතයුතු පියවර පිළිබඳව රැස්ව සිටි පිරිස අතරේ ඒකමතික තීරණයක් නොවීය.

රාජපක්ෂ පවුල සමග සාමදානයක් ඇති කරගෙන ප්‍රශ්නය ගොඩින් බේරා ගත යුතු බව පිරිසක් පෙන්වා දුන්හ.රාජපක්ෂ වරුන් සමඟ සාමදානයක් ඇතිකරගෙන ප්‍රශ්නය ගොඩින් බේරා ගත්තේ නැතිනම් රනිල් වික්‍රමසිංහ අවස්ථාවාදී ලෙස ග්‍රාමීය මට්ටමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවදුරටත් බෙද බින්න කිරීමට කටයුතු කළහොත් සිරිසේන ජනාධිපතිවරයා හුදෙකලා වීමට ඉඩ ඇති බව මේ පිරිස පෙන්වා දුන්හ.

තවත් කොටසක් කියා සිටියේ විමර්ශන ක්‍රියාමාර්ගය ඉදිරියටම ගෙන යා යුතු බවයි.එසේ නොකළහොත් ජනමතය සිරිසේන ජනාධිපතිවරයාට එරෙහිව යා හැකි බව ඔවුන් පෙන්වා දුන්හ.

රහස්‍ය වාර්තා මගින් හෙලිදරව්කොට ඇති කරුණු සම්බන්ධයෙන් තමන් පියවර ගැනීමට බලාපොරොත්තුවන අතරේ විමර්ශන වලට කිසිසේත්ම ඇගිලි ගැසීමට සුදානම් නැති බව සිරිසේන ජනාධිපතිවරයා කියා සිටියේය.

මෑතක දී Paffrel සංවිධානය මගින් පැවැත්වූ මත විමසුමකට අනුව 56%ක් පමණ දෙනා අතරේ ජනාධිපතිවරයා ජනප්‍රිය බව මෛත්‍රීපාල සිරිසේන රැස්ව සිටි පිරිසට මතක් කළේය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුල තිබෙන බෙදීම් වහාම සමථයකට පත්කර ගත්තේ නැත්නම් රනිල් වික්‍රමසිංහ එයින් උපරිම ප්‍රයෝජනය ගන්නා බව සිරිසේන ජනාධිපතිවරයා පිළිගත්තේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.