මෛත්‍රී අර්ජුනට පරාජය වේද?

Maithripala Sirisenaමහ බැංකු බැඳුම්කර සිද්ධියේදී රජයට අහිමි වූ බවට සැලකෙනා රුපියල් කෝටි 167ක මුදල ඊට වගකිව යුතු පාර්ශ්වයන්ගෙන් අයකර ගත යුතුය යන දැඩි ස්ථාවරයේම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිටින බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි. මේ අතරවාරේ ශ්‍රී ලංකාවට පැමිණ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා කියා සිටින්නේ නීතිපතිවරයාගේ තීරණ‍ය ලැබෙනා තෙක් සිටින බව යි. තමන් වරදක් කර නොමැති නිසා පලායාමට අවශ්‍ය නොවන බව යි ඔහු පවසන්නේ.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණයන්ට සහ නිරීක්ෂණයන්ට දේශපාලන මැදිහත්වීම් අනවශ්‍ය බවත් කෝප් කමිටුව විසින් ඉදිරිපත් කළ නිර්දේශයන්ද සැලකිල්ලට ගනිමින් අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බව ජනාධිපතිවරයා පසුගිය සතියේ කියා සිටියත් යථාර්තය ඉන් බොහෝ දුර බව පෙනෙන්නට තිබේ.

බැඳුම්කර සම්බන්ධයෙන් ඇති නීතිමය සංකීර්ණතාව සහ නීතිපති ගේ නිර්දේශ ලබා ගැනීමේ ඇතිවන ප්‍රමාදය හේතුවෙන් මේ පිලිබදව අධිකරණමය විසඳුමක් ලබා ගැනීම දුෂ්කර විය හැකිය.

arjuna mahendranදේශපාලන තෙම්පරාදුව
ජනාධිපතිවරයා උත්සහ කරන්නේ රජයට අහිමිවූ මෙම මුදල අයකර ගත හැකිය යන විශ්වාසය මත පදනම්ව බව යි ආරංචි මාර්ග කියා සිටියේ. මේ ගනු දෙනුවේ වැරැද්දක් ඇති බව සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීම දුෂ්කර වුවහොත් මේ ඉලක්කයද අසාර්ථක විය හැකිය.

අර්ජුන් ගේ තාත්තා එක්සත් පක්ෂයේ ප්‍රබලකි. මැද කොළඹ හිටපු සංවිධානයකි. ඒ අනුව අර්ජුන් හොඳ හැටි දේශපාලනයෙන් තෙම්පරාදු වූවෙකි. මහාචාර්ය නලින්ද සිල්වා පවසන ආකාරයට රනිල්ලා මහේන්දූන්ලා අතර තියෙන සම්බන්ධය මෛත්‍රිපාලට හිතාගන්නවත් බැරිය.

එහෙත් හිතා ගන්න බැරි දේ සිදුවෙයි.

මේ හිතා ගන්න බැරි දේ සිදුවෙන්නේ දේශපාලන අවකාශය තුළයි. පළපුරුදු කෝප් සභාපති වරයෙක් වන ඩිව් ගුණසේකර බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ජනාධි කොමිසමක් ඉල්ලා සිටින්නේ මේ නිසාය. එහෙත් ඒ මගින් සවුන්ඩ් බයිට් කීපයකට වැඩි යමක් ලබා ගත හැකිද යන්න ප්‍රශ්නයකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.