මෛත්‍රී උසාවියට

78269_maithree

 

 

 

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රේෂ්ඨාධිකරණ විසින් නොතීසි නිකුත් කර තිබේ.

ඒ ටෙන්ඩරයක් මගින් රජයට රුපියල් කෝටි 200 ක පාඩුවක් සිදුවුනැයි සමාගමක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් සම්බන්ධයෙනි.

1978 විධායක ජනාධිපති ක්‍රමය පිහිටැවූ දිනයේ සිට මේ දක්වාම විධායක ජනාධිපති වරයාට නීතියේ මුක්තිය හිමිවෙමින් කවරාකාරයක හෝ නඩුවක් පැවරීමට හෝ නඩුවක පාර්ශව කරුවෙකු කිරීමට හෝ හැකියාවක් තිබුනේ නැත. ජනවාරි 8 වෙනිදා ජයගත් දේදුනු විප්ලවය මගින් පිහිටැවූ යහපාලන දින 100 ආණ්ඩුව විසින් ගෙන ආ 19 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාගේ මුක්තිය ඉවත් කරන ලදී.

ඉහත කී පෙත්සම ඊයේ විභාගයට ගත් අවස්ථාවේදී ද වග උත්තරකාරයෙකු ලෙස ජනාධිපතිවරයා නම් කළ නොහැකි යයි විරෝධතාවයක් මතු කළද අගවිනිසුරු ශ්‍රී පවන් මහතා කියා සිටියේ අමාත්‍යවරයෙකු මට්ටමින් ජනාධිපතිවරයාට එරෙහිව නඩුවක් පවත්වාගෙන යා හැකි බවයි. මීට පෙර තිබුනේ ජනාධිපතිට එරෙහිව කවරාකාරයේ නඩුවක් හෝ එනම් දික්කසාද නඩුවක් හෝ පැවරිය නොහැකි තත්ත්වයකි.

රජයට ගල් අඟුරු සැපයීම සම්බන්ධ තම සමාගම විසින් අඩු ටෙන්ඩරයක් ලබා දී තිබියදී වැඩි මිලක් ඉදිරිපත් කළ ‘ස්විස් සිංගප්පූර්‘ සමාගමට එය ලබා දීමෙන් රජයට කෝටි 200 ක් පාඩු කරන ලදැයි මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුනේ ‘නෝබල් රිසෝසස්‘ සමාගම විසිනි.

මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු පිරිසක් වෙත නොතීසි නිකුත් කරමින් දෙසැම්බර් 15 වෙනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස අගවිනිසුරුවරයා නියෝග කෙළේය.

 

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.