මෛත්‍රී ගෙන් නව සන්ධානයක්

ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් යුත් නව සන්ධානයක්‌ ගොඩනැඟීමට තම පක්‍ෂය පියවර ගෙන 919451d5fe31e8bf44fa737e28745cf2_Lතිබෙන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පැවැසීය.

රටට ආදරය කරන ඕනෑම දේශපාලන පක්‍ෂයකට හා කණ්‌ඩායමකට මෙම සන්ධානය සමග එක්‌විය හැකි බව හෙතෙම කීය.

ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ සියලුම මන්ත්‍රීවරු හා ක්‍රියාකාරීන් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පක්‍ෂ නායකත්වය පිළිගෙන පක්‍ෂය ජයග්‍රහණය කරවීම සඳහා කැපවී ක්‍රියා කළ යුතු අතර එලෙස වැඩකටයුතු කළ නොහැකි අය සිටී නම් වැඩකටයුතුවලට බාධා නොකර ඉවත්ව යැමට අවස්‌ථාව තිබෙන බවත් දිසානායක මහතා වැඩිදුරටත් කීය.

මෙම නව සන්ධානයට, එක්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බොහෝ පක්ෂ එකඟතාවය පළකර ඇති අතර, ඉන් බාහිරව සිටින පක්ෂ කිහිපයක් සමග ද ඒ සම්බන්ධයෙන් මේවනවිට සාකච්ජා ආරම්භකර ඇත

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.