මෛත්‍රී ගෙ වෙබ් එකත් හැක් වෙයි…

Mayithree 77ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නිල වෙබ් අඩවිය ඊයේ( 26) පස්වරුවේ හැකර් ප්‍රහාරයට ලක් විය.

මෙම හැකර් ප්‍රහාරයෙන් පසු www.president.gov.lk වෙබ් අඩවියෙහි සාමාන්‍ය අංග දිස් නොවුනි. එහි දක්නට ලැබුණේ හැකර්ලා විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ පණිවිඩයකි.

රටේ ජනාධිපතිවරයාගේ වෙබ් අඩවියි හැක් කළ ඔවුහු ශ්‍රී ලාංකික වෙබ් අඩවි පිලිබඳව සැලකිලිමත් නොවන්නේ නම් මෙරට ද සයිබර් යුද්ධයකට හසු වීමට ඉඩ ඇති බවට අනතුරු අඟවා තිබුණේ.

එමෙන්ම මේ හැකර්ලා උසස් පෙළ විභාගය සහ සරසවි සිසුන්ගේ ඉල්ලීම් පිළිබඳව ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීම්  කළහ. බැලූ බැල්මට මේ හැකර්ලා ඒ ලෙවල් කළ විගස තරුණ බව පෙනෙන්නට තිබුණු අතර  ඔවුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිතවත් කමක් දක්වා තිබිණි. ඔවුන්   පවසා තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නොමනා ක්‍රියාකලාපය වහාම නවත්වන ලෙසය.

මෙය පාලනය කළ නොහැකි නම් හැකි ඉක්මණින් ජනාධිපතිවරණයක් පවත්වන ලෙස ද ඔවුන් ප්‍රකාශ කොට තිබිණි.

‘මීට ශ්‍රී ලාංකික තාරුණ්‍යය’ යනුවෙන් හැකර්ලා සටහන් කර තිබීණි.

මෙම සිද්ධියෙන් පැය කිහිපයකට පසු වෙබ් අඩවිය යථා තත්ත්වයට පත්කරීමට හැකි විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.