යහපාලනය රේල් පීල්ලේ……….

sarath-wijesuriyaමහා පරිමාණ දූෂණ නඩු විභාග කරනුවස් විශේෂ අධිකරණයක් පිහිටුවන ලෙස සාධාරණ සමාජයක් සඳහාවන ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

මේ පිළිබඳව ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මහා පරිමාණ දූෂණ නඩු විභාග කරනුවස් විශේෂ අධිකරණයක් පිහිටුවීම පිළිබඳ සාකච්ඡා කොට ඇති බවය. අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අනුස්මරණය කරමින් පැවති උත්සව සභාව තුල වූ කථා බහ රේල් පීලි ආකෘතියෙන් සිදු විය.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන් අපවත් වී වසරක් පිරීම නිමිත්තෙන් පැවති ගුණ සැමරුම් උළෙල අමතමින් එම ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය අවධාරණය කළේ දූෂණවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනැ ආකාරය පිළිබඳව සැහීමකට පත විය නොහැකි බවයි.

“නීතිය යුක්තිය මුදල් ඇති කෙනාට හා නැති කෙනාට දෙවිදිහක්. ප්‍රාථමික පොලිස් ක්‍රමය නවීන පොලිස් ක්‍රමයක් බවට පත්කිරීමට කටයුතු කළ යුතුයි. දූෂණ වංචා මැඩලීමට නීතිපති දෙපාර්තමේන්තුවේ සංයුතිය දෙගුණයක් කළ යුතුයි. අල්ලස් හෝ දූෂණ මැඩපැවැත්වීමට කොමිසමක් පිහිටුවිය යුතුයි. හොංකොං දුෂණ පිටුදැකීමේ ආයතනය මෙන් එය බලතල සහිත විය යුතුයි.” යැයි මහාචාර්යවරයා පැවසුවේය.
කණගාටුදායක මට්ටමක පැවති ආණ්ඩුවේ සිටි ප්‍රධානීන්ට එල්ල වන දූෂණ චෝදනා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත කණගාටුදායක මට්ටමක පවතින බවත් මහාචාර්ය සරත් විජේසූරිය පැවසීය. ගතානුගතික තත්වයෙන් බැහැර වී බහුතරයකට එකඟ විය හැකි පරිදි කටයුතු කරන අතරම රටේ සියලු ජාතීන් සමගි සම්පන්න කිරීමේ වගකීම ආණ්ඩුව සතු බව කියා සිටි මහාචාර්යවරයා “ජාතික හා ආගමික අන්තවාදය දෙපසට කිරීම ආණ්ඩුවේ වගකීමයි. ඒ සඳහා කැපවන ලෙස ප්‍රධාන පුරවැසියන්ගෙන් ඉල්ලා සිටිනවා.” යනුවෙන් කියා සිටියේය.

“ආණ්ඩුව සමග ගැටුමක් නැහැ. යහපත් දේශපාලන සංස්කෘතියක් ඇති කළ යුතුයි. වචන සංග්‍රය පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. ජනවාරි 8 පෙරළිය යහපත් දේශපාලන තත්වයක් ඇති කිරීමයි. ඒ සඳහා ආණ්ඩුවේ කැපවීම නොපෙන්වීම තුළින් අර්බුදයක් දක්වා ගමන් කිරීම වළක්වන ලෙස ප්‍රධාන දේශපාලනඥයින් දෙදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා.” යනුවෙන් සාධාරණ සමාජයක් සඳහාවන ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය වැඩිදුරටත් කියා සිටියේය. ජනධිපතිවරයායට ඉතිරව තිබුණේ සෝභිත නාහිමියන් ගේ ගුණ වැනුම පමණි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.