යාපනයේ අසරණයන් පෙළන කතා නොකළ ප්‍රශ්නය අමානුෂික කුල භේදයයි… රෙජිනෝල්ඩ් කුරේ

cast-sමේ මොහොත වනවිට උතුරු පළාතේ ඇති බරපතලම ප්‍රශ්නය වෙන යමක් නොව, කුලභේදය බව උතුරු පළාත් භාර ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ  පවසයි.

මේ තත්වය අතිශයින් බරපතල වී ඇති බවත්, උතුරේ ඇති මේ අමානුෂික කුල භේදය අසරණයින් පීඩාවට පත් කරන ආකාරය ම්ලේච්ඡ බවත් ඔහු කියයි.

“ බොහෝ දෙනා උතුරේ තියන කුල බේදය ගැන කතා කරන්නේ නැහැ. දැන් නැවත කුල බේදය හිස එසවා තිබෙනවා. දැන් ළිඳකින් වතුරු ටිකක් ගන්න, සුසාන භූමියක මෘත දේහය වළලන්න තමන්ගේ කුලය බාධාවක් වී පවතින බව ජනතාව මා සමග කියනවා. වාඩිවෙන්න ආසනයක් දෙන්නේ නැහැ. රැකියාවක උසස් තනතුරක් ලැබීම කුළය නිසා බාධා පැමිණෙනවා. පහළ කුලයක ඉපදීම නිසා  තමන්ට දැඩි පීඩා විඳින්නට සිදුවී ඇති බව ජනතාව මා සමග පවසනවා. ඔවුන් කියනවා ප්‍රභාකරන් ජීවත්ව සිටි සමයේ කුල බේදයට හිස ඔසවන්නට නොදී චප්ප කර දැමුවත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය ඇතිවී තිබෙන මේ මොහොතේ  තමන් කුල පීඩාවෙන් බැටකන බවයි“

යාපනයේ සාමාන්‍ය ජනතාව අතීත යුද්ධයෙන් මතු නොව, දේශගුණයෙන්, දේශපාලනයෙන්, ආර්ථික ප්‍රශ්න වලින්  සේම අමානුෂික කුල භේදයෙන්ද පීඩා  විඳින ආකාර ආණ්ඩුකාරවරයා කීවේය.

සබැඳි පුවත්

2 thoughts on “යාපනයේ අසරණයන් පෙළන කතා නොකළ ප්‍රශ්නය අමානුෂික කුල භේදයයි… රෙජිනෝල්ඩ් කුරේ

  • September 15, 2016 at 5:14 pm
    Permalink

    where are human rights owners?

    Reply
    • September 16, 2016 at 12:35 am
      Permalink

      they r deaf and blind

      Reply

Leave a Reply

Your email address will not be published.