යාපනයේ ජනතාවට ස්වාධීන කණ්ඩායම විශ්වාශ-ප්‍රභා ගේ ආරක්ෂකයිසසසයිවසයි

 

94e99f00a27582b2309891fe294cea61_L

 

 

එල්.ටී.ටී.ඊ.යේ හිටපු නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂක භටයෙකු ලෙස කටයුතු කළ තමන් හමුදාවේ අත්අඩංගුවට පත්ව රජයෙන් පුනරුත්ථාපනය වී අධිකරණ නියෝගයකින් නිදහස ලද හෙයින් අතීතයේ තොරතුරු පැවසීම ආරක්ෂාවට විශාල තර්ජනයක් විය හැකි බව යාපනය දිස්ත්‍රික් ස්වාධීන කණ්ඩායම් අපේක්ෂක ශිවානන්දන් නජීන්ද්‍රා පැවසීය.

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිට පුනරුත්ථාපනය වූ සාමාජිකයින් පිරිසක් මෙවර මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායමක් ලෙස තරග කරන අතර එම කණ්ඩායම නියෝජනය කරන ශිවානන්දන් නජින්ද්‍රා වයස 32 තරුණයෙකි.

තමන් දැන් එල්.ටී.ටී.ඊ.සාමාජිකයෙකු නොවන නිසා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට ගරු කරමින් මෙවර මැතිවරණයට ඉදිරිපත් වුයේ දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු හා ප්‍රශ්නවලට විසදුම් සෙවීම පිණිස බව ඔහු ප්‍රකාශ කළේය.

අහිංසක දෙමළ ජනතාව එදා එල්.ටී.ටී.ඊ.සංවිධානය කෙරෙහි දැඩි විශ්වාසයක් තැබූ අතර එල්.ටී.ටී.ඊ.සංවිධානයේ ශක්තිය හා පැවැත්ම වූයේද එම ජනතාවගේ ශක්තිය හා විශ්වාසය බවද නජීන්ද්‍රා පැවසීය.

ඒ ජනතාවගේ අධ්‍යාපන, සෞඛ්‍ය, ඉඩම් හා කෘෂිකාර්මික යන ප්‍රශ්නද, අනාථභාවය, වැන්දඹුකම, දේපල අහිමිවීම හා බලාපොරොත්තු කඩවීම යන ගැටලුවලට විසදුම් සෙවීම තම දේශපාලන කණ්ඩායමේ අපේක්ෂාව බවද හෙතෙම කියා සිටියේය.

දෙමළ ජාතික සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවලට එල්.ටී.ටී.ඊ.යේ හිටපු සාමාජිකයින්ගේ නම් ඇතුළත් කරන ලෙස කළ ඉල්ලීම එහි නායකයින් ඉතා සැහැසි ලෙස ඉවත දැමීමේ ක්‍රියාව දැඩි අසාධාරණයක් වන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානය ඔවුන්ව බලයට පත් කිරීමටත්, ඔවුන්ව රැකගැනීමටත් ගත් උත්සාහය ඔවුන් මේ වනවිට සම්පූර්ණයෙන්ම අමතක කොට දමා ඇති බව පෙනෙන්නට තිබීම නිසා යැයි නජීන්ද්‍රා කියා සිටියේය.

අසරණ දෙමළ ජනතාව රවටමින් බොරු පොරොන්දු දෙමින් ඔවුන්ගේ ඡන්ද ලබා ගනිමින් දෙමළ ජාතික සන්ධානය සදාකල් දේශපාලන බිමේ රැදී සිටීමට උත්සහ කළත් අනාගතයේදී එම දෙමළ ජනතාව රැවටිය නොහැකි අන්දමට තම කණ්ඩායම ශක්තිමත් දේශපාලනයක නිරත වීමට අදිටන් කරගෙන ඇතැයිද ඔහු පැවසීය.

යාපනයේ ජනතාව තම කණ්ඩායම කෙරෙහි දැඩි විශ්වාසයක් තබමින් විශාල සහයෝගයක් ලබාදෙන අතරතුර උතුරු පළාත් සභාවේ  එම්.කේ.ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා සහ ආනන්දි සශිහරන් මන්ත්‍රීවරිය කැපවීමකින් සහය ලබාදෙන බවද නජීන්ද්‍රා සදහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.