යාපනයේ මංකොල්ල කණ්ඩායම කොළඹ අධිකරණයට ඉදිරිපත් කිරීම සදාචාරයට පටහැනියි

Arrested 11දිනසේන රතුගමගේ
යාපනය ප‍්‍රදේශයේ මංකොල්ලකෑම් සිදුකළ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන කොළඹ අධිකරණ වෙත ඉදිරිපත් කිරීම සුුදුසු නීතියට එකග නමුත් සදාචාරයට පටහැනි බව යාපනය මහාධිකරණ විනිසුරු එම්.ඉලන්චේලියන් මහතා පැවසිය.

ඔහු එසේ පැවසූවේ පසුගිය සති දෙකේදී යාපනය ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගත් එකොළොස් දෙනෙකුගෙන් සමන්චිත කණ්ඩායමක් යාපනය අධිකරණය වෙත ඉදිරිපත් නොකොට කොළඹ අධිකරණයන් වෙනුවෙන් ඉ`දිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ගේ ක්‍දාතීන් පිරිසක් ව්සින් ඔවුන්ට ඇප ලබාගැනිම පිණිස ඉල්ලුමිපතක් ඉදිරිපත් කළ අවස්ථාවෙිදීය.

පසුගිය මැතිවරණ සමයේ යාපනය කයිටිස් ප‍්‍රදේශයේදි දෙමළ ජාතික සන්ධාන ආධාරකරුවන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් පැවැති නඩුවක් 23දා විභාගයට ගත් අවස්ථාවේදීද යාපනය මහාධිකරණ විනිසුරුවරයා මෙි අන්දමටම අදහස් දක්වා තිබෙි.

මහාධිකරණ විනිසුරුවරයා එහිදි වැඩිදුරටත් පැවසූවේ යාපනය ප‍්‍රදේශයේ මීට පෙර ක‍්‍රියාත්මක වු මංකොල්ල කල්ලි සම්බන්ධ නඩු විභාගය යාපනය අධිකරණයන් තුළ විභාග කොට දඩුවම් ලබා දි ඇති බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.