යාපනයේ මාධ්‍යවේදියා යුක්රේනයේ වනයකදී අවසන් ගමන් යයි

forest-of-ukraineයාපනයේ තරුණ මාධ්‍යවේදියෙක් හා කාටුන් ශිල්පියෙක් වූ අස්වීන් සුදර්ශන් යුක්රේනයේ වනගත ප‍්‍රදේශයකදී මිය ගිය බව සුඩරොලි පුවත්පත වාර්තා කරයි. අස්වින් පර්ඝනකය හරහා කාටුන් ඇඳීමෙන් දෙමළ පාඨකයින් අතරේ ජනපි‍්‍රය විය. යුද්ධයේ පීඩාවෙන් මිදීම සඳහා දේශපාලන රැුකවරණ සොයා යන අතරේදී යුක්රේනයේ වනගත ප‍්‍රදේශයකදී ඔහුට උදරාබාධයක් වැලදී තිබේ. ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ ජීවත් වීමට සිදුවූ නිසා ඊට නිසි ප‍්‍රතිකාර ලබාගැනීමට පහසුකම් ඔහුට නොමැති විය. යාපනයේ මාදගල් හි පදිංචි කරුවෙක් වන අස්වින් සුඩරොලි හා වීරකේසරී යන පුවත්පත් වල ජනමාධ්‍යවේදියෙකු ලෙස සේවය කොට පසුව යාල් තිනක්කුරල් පුවත්පතට එක්විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.