යාපනයේ මැර සිසු නායකයාට ඇප… නවක වද සිද්ධියේ සිසුන් තව දුරටත් රිමාන්ඩ්.

Jaffna-University2

මේ ආන්දෝලනාත්මක තීන්දුව ලබා දුන්නේ මැර ශිෂ්‍ය ප්‍රහාරයට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන සිසුවාට සැත්කමක් කිරීම පිළිබදව වෛද්‍යවරුන් තීරණය කර ඇති මොහොතකය. එහිදී ටි.සිසිදරන්  අධිකරණය වෙත භාර වූයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් හරහාය.

මැර ප්‍රහාර එල්ල කළ යාපනය ශිෂ්‍ය සංගම් නායකයා අත්අඩංගුවට නොගෙන ඇප මත නිදහස් කළ අධිකරණය නවකවද සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින  කැලණිය සරසවියේ සිසුන් අට දෙනාට ඇප ලබා දීම ප්‍රතික්ෂේප ක‍ළේය. ගම්පහ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති   ඇප ඉල්ලීම සලකා බැලීම අගෝස්තු 1වැනිදාට කල් තබා සිසුහු තව දුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කළහ. සිසුන් වෙනුවෙන් පෙනී සිටින රජයේ නීතීඥවරිය අධිකරණයට නොපැමිණීම ඇප ලබා නොදීමට හේතුව බව පැවසිනි.

සරසවි සිසුවියකට නවක වදය ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කැලණිය සරසවියේ සිසුන් තිදෙනෙක් හා සිසුවියන් සිවු දෙනෙක් පසුගිය මැයි මස 5 දා  අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද වනවිට දින 76 තිස්සේ බන්ධනාගාර ගතකර  හිඳිති.

පළමු වසරේ ශිෂ්‍යාවන්ට දිග කලිසමකින් සැරසී විශ්වවිද්‍යාලයට පැමිණිය නොහැකි බව ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යාවන් දැනුම් දුන්නත් එය නොසලකා දිග කලිසමක් ඇඳි පළමු වසරේ සිසුවියකට   නවක වදය ලබාදීම නිසා ඔවුන් මෙසේ බන්ධනාගාරගත කර ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.