යාපනය විද්‍යාපීඨය දින නියමයක් නැතිව වැසේ…

Jaffna Univercityයාපනය විශ්ව විද්‍යාලයේ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් හා නවක සිසුන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් දෙපාර්ශ්වයේම සිසුන් 17 දෙනෙකු තුවාල ලැබීමත් සමග යාපනය විද්‍යා අංශය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.

යාපනය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යන් දෙපිරිසක් අතර සිදු වූ මේ ගැටුම ජාතිවාදී කණ්ඩායම්වල දේශපාලන න්‍යාය පත්‍රයට ඇතුළත් කර ගැනීමට ඉඩ නොදිය යුතු බව යාපනය විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් පවසයි.

වාර්ගික පදනම පිළිබඳ අවධානය යොමු කරනවාට වඩා වැදගත් වන්නේ රටේ නීතිය සහ විශ්ව විද්‍යාල නීතිය උල්ලංඝනය කරමින් ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් සොයා පරීක්ෂණ පැවැත්වීම බව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සාමිනාදන් විමල් වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ඔහු බීබීසි වෙබ් අඩවියට පවසා ඇත්තේ මත ගැටුමක් නිරාකරණය කරගැනීමේදී යාපනයේ විශ්ව විද්‍යාලයේ සිසුන් ක්‍රියාකර ඇති ආකාරය අතිශයින් වැරදි ආදර්ශයක් සපයන බවය. මෙවැනි කාරණා ප්‍රචන්ඩත්වයෙන් තොරව විසදා ගැනීමට අවශ්‍ය සංයමය පැවතිය යුතු බව ඔහු වැඩිදුරටත් පවසයි

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.