යාපනය විශ්වවිද්‍යාලයේ සියලු කටයුතු යලි ක්‍රියාත්මකයි

jaffna-campusදිනසේන රතුගමගේ
ජනාධිපතිවරයාත් අග්‍රාමාත්‍යවරයාත් ලබාදුන් පොරොන්දු පිළිබදව දැඩි විශ්වාසයක් ඇති බැවින් කිසිදු ප්‍රශ්නයකින් තොරව යාපනය විශ්වවිශ්ව විද්යාලයේ සියළු කටයුතු නොවැම්බර් 02 වෙනිදා (ඊයේ ) සිට පවත්වාගෙන යාමට තීරණය කොට තිබේ. මේ තීරණය ගන්නා ලද්දේ යාපනය විශ්ව විද්යාලයේ පාලන අධිකාරියේ ප්‍රධානත්වයෙන් සිසුන් සමග පැවති විශේෂ සාකච්ඡාවකදීය.

යාපනය විශ්ව විද්යාලයේ පාලන අධිකාරියේ සහ ශිෂ්‍ය  සංගම්වල නියෝජිතයින් පිරිසක් නොවැම්බර් මස පලවෙනිදා කොළඹදී ජනාධිපතිවරයාත් අග්රාමාත්යවරයාත් හමු වී කළ සාකච්ඡාවකදී යාපනය විශ්ව විද්යාලය තුළ පැනනැගී ඇති අර්බුද කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කොට එම ගැටළු වලට ජනාධිපතිවරයාගෙන් විසදුම් ලබාගෙන ඇත.

ප්‍රධාන තම ගැටලු වී තිබුණේ පොලීසිය විසින් වෙඩිතබා ඝාතනය කළේයැයි කියන විශ්ව විද්යාල සිසුන් දෙදෙනා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්ය වීමත් මියගිය සිසුන් වෙණුවෙන් වන්දියක් ලබාගැනීමත් යන කාරණාවන්ය.

යාපනය විශ්ව විද්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට සහභාගි වූ යාපනය විශ්ව විද්යාලයේ ජෙයෂ්ඨ කථිකාචාර්ය එස්.උදයකුමරන් පවසා ඇත්තේ පාලන අධිකාරිය විසින් මේ සම්බන්ධයෙන් තවදුරටත් කටයුතු කරණ බැවින් සිසුන් උද්ඝෝෂණ හා විරෝධතාවල නොයෙදී නිසි පරිදි අධ්යයන හා විභාග කටයුතු වල නිරත වන ලෙසයි.

ජනාධිපතිවරයාත් අග්රාමාත්ය වරයාත් දැඩි උනන්දුවකින් හා හැගීමකින් යුතුව වූ පොරොන්දු සියල්ල කෙරෙහි විශ්වාසය තබන මෙන්ද කථිකාචාර්යවරයා සියළුම දෙනාගෙන් ඉල්ලීමක් කළේය.

ජනාධිපතිවරයා සමග සාකච්ඡාවට සහභාගි වූ ශිෂ්ය සංගම් නියෝජිතයෝද එම තත්ත්වය පිළිගෙන ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි විසදුම් ලබාදෙන තුරු විශ්ව ව්ද්යාලයේ සියළු කටයුතු වලට සහය දීමට ප්රතිඥා දී තිබේ.

මේ අනුව යාපනය විශ්ව විද්යාලයේ පරිපාලන කටයුතු නිසි ලෙස ආරම්භ වී ඇති අතර ලබන සතියේදී සිසුන්ගේ විභාග කටයුතු නිසි ලෙස පවත්වාගෙන යාමට අවශ්ය මූලික කටයුතු ආරම්භ වූ බව ජෙයෂ්ඨ කථිකාචාර්යවරයා පැවසීය.

යාපනය විශ්ව විද්යාලයේ අධ්යයන කටයුතු මේ වන විට අවසන් කොට විභාග වෙණුවෙන් සිසුන්ට අධ්යයන නිවාඩු ලබාදී ඇති බවද එම කථිකාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.