යාපනය සරසවිය යළි ඇරේ… විශේෂ කමිටුවක් විනය පරීක්ෂණ අරඹයි…

Jaffna-University1ලබන 20 හා 21 දෙදින තුළ සිසුන්ගේ විභාග පැවැත්වෙන බැවින් යාපනය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු බදාදා සිට යළි ආරම්භ කිරීමට විශ්ව විද්‍යාලයේ පාලනාධිකාරිය සහ ආණ්ඩුව අතර පැවති සාකච්ඡාවකින් අනතුරුව තීරණය අද සවස තීරණය කළේය (19) .

අනුර ප්‍රියදර්ශන යාපා සහ ඩීඑම් ස්වාමිනාදන් අමාත්‍යවරුන් සහ කරුණාරත්න පරණවිතාන නියෝජ්‍ය අමාත්‍යවරයා යාපනය විශ්ව විද්‍යාලයට පැමිණ උපකුලපතිනි වසන්ති අර්සරත්නම් සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමග කළ විශේෂ සාකච්ඡාවකින් පසුව එම තීරණය ගනු ලැබිනි.

ගැටුම පිළිබඳව සියලු දෙනාම මේ වනවිට කණගාටු වන බවත් යළි මෙවැනි සිද්ධීන් ඇති නොවීමට වග බලා ගන්නා බවට ශිෂ්‍ය සංගම් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කෙරිනි.

මේ අතර යාපනය විශ්ව විද්‍යාලයෙ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සිවු පුද්ගල කමිටුවක් පත් කරනු ලැබ ඇත. එම විශ්වවිද්‍යාලයේ පාලක සභා සාමාජිකයන් වන මෙම සිවුදෙනාගේ කමිටුවේ සභාපති ලෙස සිංහල ජාතික ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු පත්කර තිබේ.

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය වසන්තා අරසරත්නම්   විසින් මෙම කමිටුව පත්කරනු ලැබ ඇත. කමිටුවේ මූලික පරීක්ෂණයෙන් අනතුරුව විධිමත් පරීක්ෂණයක් වෙනම පවත්වන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා  පැවසුවේය.

මීට අමතරව සිද්ධියට සම්බන්ධ සිසුන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසිය මගින් වෙනම පරීක්ෂණයක් පැවැත්වෙන බවද ඔහු ප්‍රකාශ කළේය. උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල කියා තිබුණේ වැරදිකරුවන්ට ජාති ආගම් භේද හෝ තරාතිරම නොසලකා දඬුවම් ලබාදීමට කටයුතු කරන බවය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.