යාපනය සරසවි සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි

University Students Jaffnaමරුමුවට පත් යාපනය සරසවි සිසුන් දෙදෙනා වෙනුවෙන් වන්දි ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කොට ඇත. එසේම සිසුන් දෙදෙනාගේ මරණ සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වන පරිදි ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන ලෙසත් නියෝග කළ බව ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක දැක්වේ.

සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් තමා කණගාටුවට පත් වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්වේ.

යාපනය සරසවි සිසුන් දෙදෙනාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරිහු පස්දෙනා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන මස (3)තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ. මේ පිරිස අතර උප පොලිස් පරික්ෂකවරයෙක් පොලිස් සැරයන් වරයෙක් සහ කොස්තාපල්වරු තිදෙනෙක් සිටිති. මෙය රිය අනතුරක් බව පොලිසිය මුලින් ප්‍රකාශ කළ අතර එක් සිසුවෙකුගේ සිරුරේ වෙඩි සලකුණු ඇතැයි පසුව අනාවරණය විය.

යාපන පොලිසිය මීට ඉහතදී කියා සිටියේ කන්කසන්තුරේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී සිසුන් දෙදෙනා හදිසි අනතුරකින් මරුමුවට පත් වූ බවය.

Maithripala Sirisena - Twitter Message

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.