යුද්ධයෙන් අවතැන් දරුවන් ගැන හොයන්න යුනිසෙෆ් කිලිනොච්චි එයි…………

kilinochchiයුද්ධය හේතුවෙන් අවතැන් වූ ළමුන් හා කාන්තාවන් පිළිබදව සොයා බැලීම සදහා unicef සංවිධානයේ එක්සත් ජාතීන්ගේ ළමා පදනමේ නියෝජිතයෙකු වන ටීම් සුටෝන් කිලිනොච්චියේ පිහිටි ඔවුන්ගේ කාර්යාලයට පැමිණි අතර (22) උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී ගරු උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඩ් කුරේ සමග සාකච්චාවක නිරත විය.
මෙහිදී විශේෂයෙන්ම සාකචඡාවට ලක් වුයේ යුද්ධය හේතුවෙන් අවතැන් වූ ළමුන් හා කාන්තාවන් පිළිබදවය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පිළිබදව සොයා බැලීමට කිලිනොච්චියට පැමිණි බව මොහු සදහන් කර සිටියේය.
ආණ්ඩුකාරතුමන් හා කරන ලද සාකච්චාවේදී උතුරු පළාත් සභාව මගින් උතුරේ අවතැන් වුවන්ට අධ්‍යාපන,සෞඛ්‍ය,සමාජ සේවා යන අංශ වලින් කෙරී ඇති කාර්ය භාර්ය මොනවාද යන්න සාකච්චා කළේය.
මේ පිලිබදව උතුරු පළාත් ආණ්ඩුකාරතුමන්ගේ අදහස වුයේ උතුරේ වැන්දඹු කාන්තාවන් වැඩි ප්‍රමාණයක් සිටින බවත් ඔවුනට kilinochchi-1නිවාස යෝජනා ක්‍රම හරහා නිවාස ලබා දෙමින් පවතින බවත්, ඔවුන්ගේ අධ්‍යාපනය ලබන වයසේ සිටින ළමුන්ට නිසි අධ්‍යාපනයක් ලබා දීමට කටයුතු කරගෙන යන්න බවත්ය.,මේ ප්‍රදේශ තුල වැඩි ප්‍රමාණයක් තරුණ තරුණියන් අඩු වයස් විවාහ සිදු කර ගැනීම නිසා බුද්ධිමය ප්‍රශ්න මතු වී ඇති බවත් ඒ මගින් ඇති විය හැකි ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වලක්වා ගැනීමට කටයුතු කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වී ඇතත් නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර ඒ මිනිසුන්ගේ ආගම හරහා ආධ්‍යාත්මික සුවය, සදාචාරය, පවුල් උපදේශනය වැනි ක්‍රම තුලින් සිත සුවපත් කිරීමට කටයුතු කරගෙන යාමට kilinochchi-2කටයුතු සලසමින් සිටින බවද ප්‍රකාශ කර සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.