යුද හමුදාවේ 5 ක් බන්ධනාගාරගත කෙරේ තවත් සෙබලු 11 කට වරෙන්තු

rimand1998 වසරේ යාපනය අච්චුවේලි යුද හමුදා කවුරේ සෙබලුන් පිරිසක් විසින් සිවිල් වැසියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමක් සමබන්ධයෙන් යාපනය දිසා අධිකරණයෙදී 26 දා විභාගය වූ නඩුවකට පෙනී සිටි යුද හමුදා සෙබලුන් 5 දෙනෙකු ලබන 10 වන දා දක්වා බන්ධනාගාරගත කරන ලෙසටත් තවත් 11 කට වරෙන්තු නිකුත් කරමින් 10 දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට යාපනය  දිසා විනිසුරු එස්.සදීස්කරන් අච්චුවේලි පොලීසියට නියෝග කොට සිටියේය.

1998 වසරේදී අච්චුවේලි යුද හමුදා කඳවුරේ සෙබලුන් පිරිසක් විසින් සිවිල් වැසියන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරිමක් සම්බන්ධයෙන් යුද හමුදා පොලීසිය විසින් අච්චුවේලි පොලීසියේ දමා තිබූ පැමිණිල්ලකට අනුව එහි වාර්ථාවක් අච්චුවේලි පොලීසිය විසින් නීතිපති වරයාට යොමු කිරීමෙන් පසුව නීතිපති වරයා විසින් අච්චුවේලි පොලීසියට උපදෙස් දී ඇත්තේ අදාල සිදුවීම සම්බන්ධයෙන් දණ්ඩනීති සංග්‍රහයේ 296 වගන්තියට අනුව නඩු පවරන ලෙසටය.

පසුව අච්චුවේලි පොලීසිය විසින් ඒ බව යාපනය දිසා අධිකරණයට දැනුම් දීමෙන් පසුව අච්චුවේලී යුද හමුදා කඳවුරේ එවකට සිටි සෙබලුන් 16 දෙනෙකුට නොතීසි නිකුත් කරමින් 26 වනදා යාපනය දිසා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දැනුම් දී ඇති අතර 26 දා අදාල යුද හමුදා සෙබලුන් 16 දෙනාගෙන් 05 දෙනෙකු පෙනී සිට ඇත.

කෙසේ වෙතත් 20-18 නඩු අංකය යටතේ අදාල නඩුව විමසීමේදී අනෙක් සෙබලුන් 11 දෙනා පෙනී නොසිටීම නිසා ඔවුන්ට ලබන ඔක්තොම්බර් මස 10 වන දා අධිකරණයේදි පෙනී සිටින ලෙසටත් නඩු වාරයට පෙනී සිටි යුද හමුදා සෙබලුන් 05 දෙනා මිනී මැරුම් චොදනාවක් දිසා අධිකරණයේදී විභාගයට ගැනීම හේතුවෙන් ඇපලබා දීමට නොහැකි බැවින් ඔවුන්ද ලබන 10 වනදා දක්වා බන්ධනාගාරගත කිරීමට දිසා විනිසුරු වරයා නියෝග කොට ඇත.

දිනසේන රතුගමගේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.