යුරෝපයෙන් ගිලිහුණු දේ ආසියාවෙන් හොයාගන්න… කමිටුව වැඩ අරඹයි

Europeමහ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විම හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් මුහුණ දෙන ගැටලූ විසදීමට පත් කෙරුණ දොළොස් පුද්ගල අගමැති අනුකමිටුව ඊයේ (04) සිට වැඩ ආරම්භ කළේය.

අගමැති ජ්‍යෙෂ්ඨ උපදේශක චරිත රත්වත්තේ  මෙම අනුකමිටුවේ කැදවුම් කරු ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි, හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්. සමරතුංග, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ආර්. පාස්කරලිංගම්, ජනාධිපති ආර්ථික උපදේශක සරත් රාජකාරුණා, ආචාර්ය සමන් කැලේගම, ක්‍රිෂාන් දිසානායක, මහාචාර්ය සිරිමල් අබේරත්න, නිෂාන්ද මැල්, මුර්තසා ජෙෆර්ජි හා අනුෂ්ක විජේසිංහ  කමිටුවේ සෙසු සාමාජිකයෝ වෙති.

මහා බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විමෙන් පසුව ශ්‍රී ලංකාවට බලපාන ආර්ථිකමය කරුණු හමුවේ ආසියාව සමඟ මධ්‍ය කාලින හා දිර්ග කාලීන වශයෙන් සමබඳතා තරකර ගන්නා ආකාරය රජයට නිර්දේශ කිරිම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යයන් වේ.

මහා බි්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්විමට ගනු ලැබු තිරණයත් සමඟ යුරෝපා සංගම තුළ ශ්‍රී ලංකාවට අහිමිවන 40% ක් වූ වෙළෙද පොළ ආසියා පැසිපික් කලාපයෙන් සපුරා ගැනිමට අදාළව ක්‍රමවේදයන් සැකසීමද දෙළොස් පුද්ගල අගමැති අනුකමිටුව හිමි තවත් කාර්යයකි.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ මස 18 සහ 19 දෙදින තුළ සිංගප්පූරුවේ කරන සංචාරයේදී ශ්‍රී ලංකාව හා සිංගප්පූරුව අතර ඇති කරගන්නා වෙළෙද ආර්ථික හා තාක්ෂණ ගිවිසුම් සම්බන්ධ වූ සියලූ කටයුතු මේ කමිටුව විසින් සම්පූර්ණ කළ යුතුවේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.